ads
Entertainment

පරම්පරා යා කළ රේඩියෝ කලාව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේ ගුවන් විදුලි කලාවට මුලපුරපු රටක් බව ඔබ දන්නවාද? 1925 වසරේදී ‘කොළොම්බෝ රේඩියෝ’ නමින් ඇරඹුණු ඒ හඬ, අද වන විට දශක දහයක අභිමානවත් ගමනක් සනිටුහන් කර තිබෙනවා.

තාක්ෂණය කොතරම් දියුණු වුණත්, ස්මාර්ට් ෆෝන් සහ සමාජ මාධ්‍ය ජීවිතය ආක්‍රමණය කළත්, තවමත් අපේ ගෙවල්වල උදෑසන අවදි කරන්නේත්, පාළුව මකා දමන්නේත් ගුවන් විදුලියෙන් ඇසෙන ඒ හුරුපුරුදු හඬයි. අපේ කලාව, සංස්කෘතිය සහ සංගීතය පෝෂණය කරන්නට ගුවන් විදුලිය ඉටුකළ මෙහෙය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් වටිනවා.

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ අභිමානවත් සැමරුම් උත්සවය පසුගිය පෙබරවාරි 12 වැනිදා අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන් සංවිධානය වූ මෙම උළෙලේදී, දශක ගණනාවක් පුරා ගුවන් විදුලි ක්ෂේත්‍රය වෙනුවෙන් තමන්ගේ හඬත්, ශ්‍රමයත් කැප කළ ප්‍රවීණ මාධ්‍යවේදීන්, කලාකරුවන් සහ නිර්මාණවේදීන් ඇගයීමට ලක් කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ සියලුම රේඩියෝ නාලිකා ජාලයන් සඳහා සංඛතාත්මක සිහිවටනයක් ලෙස "ශ්‍රී ලංකාවේ රේඩියෝ සන්නිවේදන යේ පියා " ලෙස සැලකෙන ඉංජිනේරු එඩ්වඩ් හාපර් මහතාගේ විශාලනය කරන ලද ඡායාරූපයක් ආරාධිත අමුත්තන් අතින් පිරිනැමීමද සිදුවිය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා. පරම්පරා ගණනාවක් රසවත් කළ, තොරතුරු බෙදාහදා ගත් ගුවන් විදුලි කලාව නව තාක්ෂණය සමඟින් අනාගතයට රැගෙන යාම අප සැමගේ වගකීමක්.

0%
0%
0%
0%
Comments