කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (10 වැනිදා) පැවති 52 වැනි රාජ්‍ය නාට්‍ය උළෙල, මෙරට නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් මෙන්ම නව පරපුරේ ශිල්පීන්ගේද සහභාගීත්වයෙන් වර්ණවත් වූ සොඳුරු සැඳෑවක් වුණා කිවහොත් නිවැරදියි.
මෙවර උලෙළේදී දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස කිරුළු පැළඳීමට සේවියර් කණිෂ්ක සමත් වුණා. ඒ "Wingfield Family පළිඟු රෑන" නාට්‍යයේ ඔහු දැක්වූ විශිෂ්ට රංගන දායකත්වය වෙනුවෙනුයි.
එමෙන්ම වේදිකාවේ ප්‍රේක්ෂක හදවත් දිනාගත් කසුනි කාවින්දි, "අප අතර ඌ" නාට්‍යයේ ඇයගේ සුවිශේෂී රංගනය වෙනුවෙන් වසරේ හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.
නාට්‍ය නිර්මාණ කාර්යයේ විශිෂ්ටත්වය අගයමින් පිරිනැමුණු සම්මාන අතර, වසරේ හොඳම නාට්‍ය නිර්මාණය ලෙස චාමර ගුරුගේ අධ්‍යක්ෂණය කළ "අප අතර ඌ" නාට්‍යය සම්මානයට පාත්‍ර වුණා.
නාට්‍යයක සාර්ථකත්වයේ පදනම වන හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් හිමිවන ගෞරවණීය සම්මානය දිනාගනු ලැබුවේ "Wingfield Family පළිඟු රෑන" නාට්‍යය වෙනුවෙන් පූජිත ද මෙල් ශිල්පියායි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය, කලාවට ලැදි සියලු දෙනාටම අලුත් බලාපොරොත්තුවක් එක් කළ අවස්ථාවක් වුණා.