“මහනුවර නගරය ආලෝකමත් කරමු” යන තේමාව යටතේ මෙවර මෙම උළෙල සංවිධානය වන්නේ නගරයට නව ජීවයක් එක් කරමිනි.
පෙබරවාරි 14 වැනි සෙනසුරාදා පස්වරු 6.30 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා විහිදෙන මෙම සැණකෙළි සිරිය, එදිනෙන් නොනැවතී සෑම සති අන්තයකම සෙනසුරාදා දිනවලදී අඛණ්ඩව පැවැත්වීමට සැලසුම් කර ඇත.
ආදරණීයයන් සමඟ හෝ පවුලේ හිතවතුන් සමඟ නිදහසේ සැරිසරන්නට, රසවත් ආහාර පාන භුක්ති විඳින්නට සහ මහනුවර උරුමය විදහා දක්වන විවිධ නිර්මාණ මිලදී ගැනීමට මෙය කදිම අවස්ථාවකි.
ඔබත් මේ සති අන්තයේ මහනුවර සුන්දරත්වය විඳිමින්, රාත්‍රී අහස යට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබා ගැනීමට කැමති නම්, යටිනුවර වීදියට පැමිණීමට අමතක නොකරන්න.