Wallace and Gromit, Chicken Run සහ Shaun the Sheep වැනි ලොවක් ආදරය කරන නිර්මාණ බිහි කළ Bristol අසිරිමත් නිර්මාණ රැසක් මෙහිදී ඔබට දැකගත හැකියි.
ලබන නොවැම්බර් 15 වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, දරුවන්ගේ නිර්මාණශීලීත්වය අවදි කරවන අද්විතීය අත්දැකීමක් වනු නොඅනුමානයි. කෞතුකාගාරයේ ප්‍රධාන භාරකාර ඇලෙක්ස් නිව්සන් පවසන්නේ, මෙමඟින් කුඩා දරුවන්ට තම දක්ෂතා ඔස්සේ අනාගතයේදී ඇනිමේෂන් වැනි නිර්මාණශීලී වෘත්තීන් වෙත යොමු වීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම තම අරමුණ බවයි.
මෙම ප්‍රදර්ශනයේදී Wallace and Gromit හි සුප්‍රකට රොකට්ටුව සජීවීව දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම, 2024 වසරේ Bafta සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූ සහ ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ 'A Vengeance Most Fowl' චිත්‍රපටයේ මුල් ආකෘති සහ රූපක ප්‍රථම වරට ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයක්.
වසර 50ක ඉතිහාසයක් ඇති Aardman ස්ටූඩියෝවේ දුර්ලභ එකතුවකින් තෝරාගත් මෙම ප්‍රදර්ශනය එළඹෙන නොවැම්බර් 15 වනදා දක්වා ලන්ඩනයේ බෙත්නල් ග්‍රීන් හිදී පැවැත්වේ. කලා ලෝකයට සහ ඇනිමේෂන් කලාවට ඇලුම් කරන ඕනෑම අයෙකුට මෙය ජීවිතයට අලුත් අත්දැකීමක් සහ ආශ්වාදයක් එක්කරන සංචාරයක් වනු නොඅනුමානයි.