
මැටර්හෝන් කඳු පාමුල පිහිටි සර්මට් නගරය හරියට සුරංගනා කතාවක එන ගම්මානයක් වගේ. මේ නගරයේ තවත් විශේෂත්වයක් වන්නේ වාහන භාවිතය තහනම් කර තිබීමයි.
ඒ නිසාම වායු දූෂණයෙන් තොර, ඉතාම පිරිසිදු සහ නිස්කලංක වටපිටාවක ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ කාලය ගත කිරීමට මෙහිදී අවස්ථාව ලැබෙනවා. අලංකාර ලී නිවාස, තරු පහේ හෝටල් සහ මිචෙලින් තරු දිනූ ඉහළ පෙළේ අවන්හල් මෙහි ආකර්ෂණය තවත් වැඩි කරනවා.

හිමෙන් වැසුණු මාවත් දිගේ අශ්ව කරත්තවලින් හෝ කුඩා ට්‍රොලිවලින් ගමන් කිරීම ඇත්තෙන්ම අපූරු අත්දැකීමක්. එමෙන්ම 'Klein Matterhorn' වෙත යන ලොව ඉහළම කේබල් කාර් සංචාරය හරහා ඔබට අයිස්වලින් කළ මූර්ති සහ දිලිසෙන අයිස් උමං මාර්ග දැකබලා ගත හැකියි. ශීත කාලයේදී පමණක් නොව, වසරේ ඕනෑම කාලයකදී පාපැදි සංචාර සහ කඳු නැගීමේ අත්දැකීම් විඳගැනීමට මෙහිදී හැකියාව තිබෙනවා.
ලොව දසතින් තේරුණු තවත් ආදරණීය නවාතැන්

මැටර්හෝන්වලට පසුව මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දිනාගෙන ඇත්තේ බොලිවියාවේ පිහිටි විස්මිත ලුණු තැන්නක් වන 'Salar de Uyuni' යි.
ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය, මුරුසියේ 'Les 7 Cascades' දියඇල්ල සහ චීන මහා ප්‍රාකාරය ලොව ප්‍රමුඛතම රොමැන්ටික් ගමනාන්ත පහ අතරට එක්ව තිබෙනවා.
බ්‍රසීලයේ ඉගුවාසු ඇල්ල, ඇමරිකාවේ ග්‍රෑන්ඩ් කැනියන්, ස්කොට්ලන්තයේ ආතර් සීට් සහ සිම්බාබ්වේ වික්ටෝරියා ඇල්ල ද මෙම ලැයිස්තුවේ ඉහළින්ම පවතින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් සයීඩ් මහා පල්ලිය ද දසවන ස්ථානයට තේරී පත්ව තිබෙනවා.