ads
Entertainment

නීරා' චිත්‍රපටයේ දින 50 සැමරුම දා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
"මිනිහෙක් තමන්ගේ ජීවිතේ මොකකට හරි අවංක වෙන්න ඕනේ මේඝ. සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් හුවමාරු වන මෙම දෙබස්, මේ වන විට බොහෝ දෙනෙකුට හුරුපුරුදු වී ඇත්තේ වාසව බදුගේ අධ්‍යක්ෂණයෙන් බිහි වූ 'නීරා' චිත්‍රපටය හරහා ය.'නීරා' චිත්‍රපටයේ ගීත අතරින්, යසස් මැදගෙදරගේ කටහඬින් හැඩ වූ "ශ්වේත සඳේ" සහ "එහෙම බැලුවාම" වැනි ගීත, චිත්‍රපටයේ ආදර කතාවේ සහ සංවේදී හැඟීම්වල ගැඹුර මනාව ප්‍රේක්ෂකයා වෙත සමීප කිරීමට සමත් විය. එමෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන තේමාව රැගත් "මගේ නීරා" ගීතය ද රසිකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇත.

'ආදරණීය ප්‍රාර්ථනා' සහ 'විසල් ආදරේ' චිත්‍රපටවලින් පසු වාසව බදුගේ රිදී තිරයට ගෙන ආ තෙවන සිනමා නිර්මාණය වන 'නීරා', දින 50ක සාර්ථක සිනමා ගමනක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ නව වාර්තා තැබීමට සමත් විය. මෙම සිනමා නිර්මාණය ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධගේ විශිෂ්ට තිර රචනයක් වීමද විශේෂත්වයකි.

ප්‍රධාන චරිත සඳහා සෙනිත් ගජවීර (මේඝ), ශනුද්‍රි ප්‍රියසාද් (ප්‍රනීති) සහ කසුනි කාවින්දි (රශ්මි) රංගනයෙන් දායක වන අතර, කෞෂල්‍යා ප්‍රනාන්දු මේඝගේ මව ලෙස රංගනයෙන් සිය දායකත්වය සපයයි. හිරුනි සිතාරා සහ ලාලින්ද විජේවික්‍රම විසින් නිෂ්පාදනය කරන ලදි. මෙහි සංගීත අධ්‍යක්ෂණය යසස් මැදගෙදර විසිනි.

'නීරා' චිත්‍රපටය ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ ආදර කතා ශානරයේ චිත්‍රපටයක් ලෙස සුවිශේෂී වාර්තාවක් පිහිටුවා ඇත. එනම්, තිරගත වී පලමු දින පනහ තුළ ලංකාව තුළින් පමණක් රුපියල් ලක්ෂ 2000ක ඉහළම ආදායමක් වාර්තා කිරීමට මෙම චිත්‍රපටය සමත් වීමයි. මෙය දිනක සාමාන්‍ය ආදායම් අගය රුපියල් ලක්ෂ 40 ඉක්මවා යෑමක් වන අතර, එම දින පනහ තුළ චිත්‍රපටය නැරඹූ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රමාණය තුන්ලක්ෂ හැත්තෑ පන්දහස ඉක්මවා තිබීම එහි ජනප්‍රියත්වය මනාව පෙන්නුම් කරයි. 

මෙම ප්‍රීතිමත් අවස්ථාව ප්‍රේක්ෂකයන් සමඟ සැමරීම සඳහා 'නීරා' කණ්ඩායම බොරැල්ලේ රිට්ස් සහ හැව්ලොක් ටවුමේ ස්කෝප් සිනමාශාලාවලට පැමිණි අවස්ථාවේ ඡායාරූප කිහිපයක්..(ඡායාරූප නීරා ෆේස්බුක් පිටුවෙන්)

your image

your image

your image

your image

your image

your image

your image

0%
0%
0%
0%
Comments