ads
Lifestyle

විලාසිතා ලෝකය උඩු යටිකුරු පැරිස් විලාසිතා සතිය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
මාසයක් පුරා පැවති ලෝක ප්‍රකට විලාසිතා දැක්ම, පැරිස් විලාසිතා සතිය (Paris Fashion Week) සමඟින් අති උත්කර්ෂවත් ලෙස නිමාවට පත් විය. සෙසු නගරයන්හි පැවති විලාසිතා දැක්මද ඉහළ මට්ටමක පැවතියද, පැරිස් විලාසිතා සතිය වටා පැවතියේ ප්‍රතික්ෂේප කළ නොහැකි, ප්‍රබල උද්යෝගයකි. ඊට ප්‍රධාන හේතුව වූයේ, ලෝකයේ දැවැන්ත විලාසිතා සන්නාම රැසක් සඳහා අලුතින් පත් වූ නිර්මාණ අධ්‍යක්ෂවරුන් තම මංගල නිර්මාණ එකතු එළිදැක්වීමයි.

මෙවර විලාසිතා ලෝකයේ දැවැන්ත සන්නාමයන් සඳහා නව නිර්මාණ අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීම කැපී පෙනුණි. ලොව සුප්‍රකට විලාසිතාගාර සඳහා නව නායකත්වයක් ලැබීමත් සමඟ, ඔවුන් එම සන්නාමයේ උරුමය ආරක්ෂා කරගනිමින් තම නිර්මාණශීලී අනන්‍යතාවය කෙසේ ඉදිරිපත් කරනු ඇත්දැයි මුළු විලාසිතා ලෝකයම බලා සිටියේය. මෙම අභියෝගාත්මක කාර්යය ඉතා සතුටින් භාරගැනීමට මෙම නව නිර්මාණකරුවන් පිරිස සූදානම් බව පැහැදිලි විය.

මෙවර වේදිකාවට පැමිණි ඇඳුම් විලාසිතා, හුදෙක් සෞන්දර්යාත්මක වෙනසක් ඇති කිරීමට පමණක් සීමා නොවී, සමස්ත විලාසිතා කර්මාන්තයම අනාගතය දෙසට තල්ලු කරන ලදී. අති විශාල රෙදි ප්‍රමාණයකින් නිමවූ සිත් ඇදගන්නාසුළු බෝල් ගවොම් (ball gowns), ආකර්ෂණීය කාන්තාවන් සඳහාම නිමවූ තියුණු කැපුම් සහිත සූට් (tailored suits) සිට, ගුරුත්වාකර්ෂණයට අභියෝග කරන, විස්තර කළ නොහැකි හැඩතල සහිත පිටත ඇඳුම් (warped outerwear) දක්වා වූ විවිධත්වයෙන් යුත් නිර්මාණ මෙහිදී දක්නට ලැබුණි.

මෙම සතියේ වඩාත්ම මතකයේ රැඳුණු විලාසිතා, අපගේ ඇඳුම් ආයිත්තම් ගැන නැවත සිතන්නට පෙළඹවූවා පමණක් නොව, විලාසිතා යනු අප ජීවත් වන යුගයේ සංස්කෘතික ප්‍රවාහය හා බද්ධ වී ඇති ආකාරය ගැන සලකා බැලීමට ද අපව යොමු කළේය.

2026 වසන්ත/ගිම්හාන (Spring/Summer) එකතුවෙන් හොඳම නිර්මාණ කිහිපයක් මෙසේය:

your image

your image

0%
0%
0%
0%
Comments