ads
Interview

ලොව දිගම ස්විස් රෝලය සාදා ලෝක වාර්තාවක් තැබූ සූපවේදී චමෝද්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
සූපවේදය කියන්නේ කෑම හදන එකට විතරක් සීමා වුණු දෙයක් නෙමෙයි. ඒක කලාවක්. ඒ කලාවට තමන්ගෙම අනන්‍යතාවක් එකතු කරලා අලුත් දේවල් කරන්න උත්සාහ කරන දක්ශයෝ අපි අතර ඉන්නවා. අන්න ඒ වගේ අතිදක්ශ සූපවේදියෙක් තමයි චමෝද් පීරිස් කියන්නේ.

පේස්ට්‍රි කලාවට වසර 16ක අත්දැකීම් ඇති චමෝද්, පසුගිය දා සෙරන්ඩිබ් ලෝක වාර්තා පොතට අලුත්ම වාර්තාවක් එකතු කළා. ඒ තමයි ලොව දිගම ස්විස් රෝලය නිර්මාණය කිරීම. මේ මීටර් 46ක් දිග, අඩි 150.919ක ස්විස් රෝලය ගැන සහ ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැන Ziradaily අපි ඔහු සමඟ කතාබහ කළා.

your image

චමෝද් මුලින්ම ලෝක වාර්තාවක් පිහිටුවන්න අදහස ආවේ කොහොමද?

මම කලක ඉඳන්ම සිහින දැක්කා අලුත් දෙයක් කරන්න, ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් යන්න. පේස්ට්‍රි කලාව කියන්නේ මගේ ජීවිතේ. ඉතින් මට හිතුණා මේ කලාවෙන්ම අද්විතීය නිර්මාණයක් කරන්න. ඒ විදියට තමයි ලොව දිගම ස්විස් රෝලය නිර්මාණය කරන්න අදහස ආවේ.

your image

මේ වගේ විශාල නිර්මාණයක් කරන්න ගොඩක් අභියෝග තිබුණා නේද?

ඇත්තටම ගොඩක් අභියෝග තිබුණා. ස්විස් රෝලය කියන්නේ ඉතාම සියුම් නිර්මාණයක්. ඒක මීටර් 46ක් දිගට කැඩෙන්නේ නැතුව හදන්න එක ලොකු අභියෝගයක්. මේ හැමදේටම වින්-ස්ටෝන් කැම්පස් එකේ අධ්‍යක්ෂවරු, මගේ සගයන් සහ සිසුන් විශාල සහයෝගයක් දුන්නා. 

your image

මේ සඳහා කොපමණ මුදලක් වැය වුණාද?

මේ සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය වුණා. හැබැයි මේකෙන් ලංකාවේ පේස්ට්‍රි කලාව ලෝකයට ගෙන යන්නත්, අපේ තරුණ පරම්පරාවට ආදර්ශයක් දෙන්නත් හොඳ අවස්ථාවක් වුණා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

පේස්ට්‍රි කලාව ගැන ලෝකයටම උගන්වන්න මට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පේස්ට්‍රි කලාව ජාත්‍යන්තර මට්ටමට ගේන්න කටයුතු කරනවා. අලුත් නිර්මාණ කරන්නත් අනාගතයේදී මම බලාපොරොත්තු වෙනවා.

your image

your image

තරුණ පරම්පරාවට දිය හැකි පණිවිඩයක් තිබෙනවාද?

ඔයාට හැකියාවක් තියෙනවා නම්, උත්සාහ කරන්න. අභියෝගවලට බය වෙන්න එපා. වෙහෙස මහන්සි වෙලා වැඩ කළොත් ඕනෑම දෙයක් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ඔබේ හැකියාවන් ලෝකයට පෙන්වන්න ඉදිරිපත් වෙන්න.

අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ මොනවාද?

මේ ලෝක වාර්තාව තියන්න මට උදව් කරපු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම වින්ස්ටෝන් කැම්පස් එකේ අධ්‍යක්ෂ මණ්ඩලයට, මගේ පවුලේ අයට, මිතුරන්ට සහ මේ සදහා උදව් වුණු හැම සිසුවෙක්ටම ස්තූතියි. 

චමෝද් පීරිස්ගේ ඉදිරි වැඩකටයුතු වලට Ziradaily අපෙන් උණුසුම් සුබ පැතුම්!

✍️ නයනාංජලී හේවගේ

100%
0%
0%
0%
Comments