ads
News

ලංකාවේ බස් ගමන් ක්‍රමය ඩිජිටල් පරිවර්තනයට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
2025 නොවැම්බර් 30 වන විට ටිකට්පත් යන්ත්‍ර සහිත බස් රථවල ගමන් ගන්නා මගීන්ට ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (08)පාර්ලිමේන්තුවේදීයි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා,

''බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක හරි ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එක ප්‍රධාන හේතුවක් ඒක. කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට. ඒ නිසා ලොකු ඉල්ලීමක් තියෙනවා පෞද්ගලික බස් හිමියන්ගේ බස් සංගම්වල අපිට කාඩ් පේමන්ට් සිස්ටම් එකක් හදන්න කියලා. ඉතින් ගොඩාක් අය ඕක වටේ ගිහිල්ලා තිබුණා මේ වෙනම ට්‍රාන්ස්පෝට් කාඩ් හදන්න. ඒක කරදරකාර වැඩක් සහ ඒක පරණ වැඩක්.

ඒ නිසා බලාපොරොත්තු වෙනවා ඩිජිටල් අමාත්‍යංශය සහතිකයක් දීලා තියෙනවා නොවැම්බර් තිහ වෙනකොට ලංකාවේ දැනට බස් ටිකක් මැෂින් තියෙන ඕනම සාමාන්‍ය මට්ටමේ බස් ටිකට් මැෂින් තිබෙන ආයතනවලට ඒ වගේ බස් ටිකට් එකක් තියෙන බස් එකකට ඕනම මගියෙක්ට පුළුවන් තමන්ගේ තියෙන ඕනම ලංකාවේ භාවිතා කරන බැංකු කාඩ් එකක් පාවිච්චි කරලා ටිකට් එක ගෙවන්න. එතකොට අහයිනේ හැම කෙනාට කාඩ් තියෙනවද? හැම කෙනාට බැංකු කාඩ් තියෙනවාද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් රුපියල් දෙයි. ටික දවසක් යන කොට ඒගොල්ලෝ පුරුදු වෙයි.

මට මතකයි ඊ චැනලින් පටන් ගත්ත මුල් කාලේ මිනිස්සු ඕවට එක එක ඒවා කිව්වා. දැන් මං හිතන්නේ කවුරුවත් නවලෝකයට ගිහිල්ලා, ආසිරි එකට ගිහිල්ලා, උදේ හතරේ ඉඳන් පෝලිමේ ඉඳලා කවුරුත් උත්සාහ කරන්නේ නෑ. ඉතින් ඒ නිසා ඕනම දෙයක් රටකට කරනකොට පොඩි කාලයක් ගිහිල්ලා කරයි.''

0%
0%
0%
0%
Comments