මෙම සුවිශේෂී "Ring" සම්මානය, මුළු ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් අතුරින් තෝරා ගත් පරිශීලකයන් 25 දෙනෙකුට පමණක් පිරිනැමීමට නියමිත අතර, එය ඔවුන්ගේ විශිෂ්ට නිර්මාණශීලීත්වය සහ වේදිකාවට ඔවුන් ගෙන එන අගය වෙනුවෙන් පිරිනමන උපහාරයකි. මෙම සම්මානය හිමිවන ජයග්‍රාහකයින්ට, ඉංග්‍රීසි විලාසිතා නිර්මාණ ශිල්පිනී Grace Wales Bonner විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද භෞතික මුදුවක් (Physical Ring) හිමිවේ.
ඊට අමතරව, ඔවුන්ගේ Instagram පැතිකඩ (profile) සහ Stories සඳහා සුවිශේෂී ඩිජිටල් රන් මුදුවක් (Digital Gold Ring) ද ලබා දීමට සැලසුම් කර ඇත.
මෙම අතිශය සීමිත ජයග්‍රාහකයින් පිරිස තෝරා ගැනීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත් කර ඇති අතර, එය Chen, නිර්මාණශිල්පිනී Wales Bonner සහ Instagram හි ප්‍රධානී Adam Mosseri යන අයගෙන් සමන්විත වේ. මෙම සම්මාන වැඩසටහන හරහා, Instagram විසින් තම වේදිකාවේ අන්තර්ගතය පොහොසත් කරන සහ අනාගත නිර්මාණශීලී ප්‍රවණතා මෙහෙයවන නිර්මාණකරුවන් ලොවටම හඳුන්වා දීමට අපේක්ෂා කරන බව පැහැදිලිය.