මෙහිදි, පුද්ගලයින් වංචනිකව රවටා ඔවුන්ගේ ගිණුම් අංක, මුරපද, (User Name /Password ) QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගනිමින්, මාර්ගගත රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා, විවිධ ගිණුම් වලට මුදල් බැර කර ගැනීම් ආදී වංචා සිදු කරන බවට නිරීක්ෂණය වී ඇත.
එබැවින් අන්තර්ජාලය භාවිතා කිරීමේදී මෙවැනි වංචා සම්බන්ධයෙන් අවබෝධයෙන් ක්‍රියා කරන ලෙසටත්, පහත කරුණු සම්බන්ධයෙන් දැනුවත් වන ලෙසටත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
* භාවිතා කරනු ලබන සමාජ මාධ්‍ය ජාලා (Telegram / WhatsApp හෝ වෙනත්) ගිණුම් තුල නොදන්නා පුද්ගලයින් හා නොදන්නා සමාජ මාධ්‍ය සමූහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබා දෙන බව සඳහන් කරමින් සිදු කරනු ලබන වංචනික පෙළඹවීම වලට හා ක්‍රියාවන්ට හසු නොවීම.
* නොදන්නා පුද්ගලයින් හා සමාජ මාධ්‍ය ජාලා සමූහ මඟින් පල කරනු ලබන අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත භාවිතයෙන් වැලකීම.
** සයිබර් අවකාශය තුල නොදන්නා පුද්ගලයින්ගේ ගිණුම් වෙත මුදල් බැර කිරීම, ඔවුන් සමඟ බැංකු තොරතුරු හුවමාරු කර ගැනීම, සිය බැංකු ගිණුම් වෙනත් පුද්ගලයින් වෙත භාවිතය සඳහා අවසර ලබා දීමෙන් වැළකීම.
* ගිණුම් අංක, මුරපද OTP කේත බාහිර පුද්ගලයින් සමඟ කිසිම අවස්ථාවකදී හුවමාරු කර නොගැනීම.
* නොදන්නා පුද්ගලයින් ලබා දෙන ජංගම යෙදවුම් ස්ථාපනය කිරීමේදී හා අන්තර්ජාල දිගු භාවිතා කිරීමේදී ආරක්ෂිත උපක්‍රම පිළිබඳ සැලකිලිමත් වීම හා විද්‍යුත් උපකරණයේ පවතින ප්‍රවේශ අවසරය ලබා නොදීම.