කෙසේ වුවද ඉදිරියේදී චන්ද්‍රයා මතට සාර්ථක ලෙස ගොඩබැසීමට සමත් වූ දිනයක ඉන්දියාව හා චීනය විසින් අදාළ තොරතුරු හෙළි කරනු ඇතැයි ද ඔහු විද්‍යුත් උපාංග (podcast) හරහා විකාශනය වූ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.
ඉන්දියාව හා චීනය ඉදිරියේදී චන්ද්‍රයා මත සිදු කරන සිය ගවේෂණයන්වලදී චන්ද්‍රයා මත මිනිස් ශිෂ්ටාචාරයක් පැවති බව හෙළිදරව් කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇති බවද භූ විද්‍යාඥ බ්‍රේඩන් පවසා තිබේ.
ග්‍රෙග් බ්‍රේඩන් විසින් කරන ලද අදාළ සාකච්ඡාව උපුටා දක්වමින් එංගලන්තයේ පළ වන ‘ඩේලි මේල් ’ පුවත්පත විසින් වාර්තා කර ඇත්තේ එය (චන්ද්‍රයා) අතීතයේදී අපෙන් පැවතගෙන ආවක් බවත් යුද්ධය හරහා අප විසින් ඒවා එකින් එක විනාශ කර දමා ඇති බවයි. අප එම චක්‍රය නැවත නැවතත් සිදු කරමින් සිටිනවා බ්‍රේඩන් සඳහන් කර තිබේ.
ඇමරිකාව විසින් මෙම තොරතුරු දැනගෙන බොහෝ කාලයක් ගතවී ඇතත් එය රහසක් වශයෙන් තබා ගැනීමට තීරණය කර ඇති අතර වර්තමානයේ චීනය විසින් දියත් කර ඇති චන්ද්‍රයා ගවේෂණය කිරීමේ ‘චැන්ග් ඊ – 7’ රොබෝ යානය හා ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් – 4’ යානය මගින් ඉදිරියේදී මෙම පුදුමසහගත හා කම්පනය දනවන සුළු තොරතුර එම රටවල ජාතික රූපවාහිනී සේවාවන්, සමාජ මාධ්‍ය ජාල හා නිල අභ්‍යවකාශ ආයතන උපාංග හරහා අනාවරණය කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.