ads
Sports

FIFA ලෝක කුසලාන පාපන්දුව එළිදකියි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව සමසත්කාරකත්වය දරන 2026 ලෝක කුසලානය (FIFA) පාපන්දු තරගාවලියේ නිල පාපන්දුව පසුගියදා එළිදක්වා තිබේ.

ඒ අනුව සමසත්කාරකත්වය දරන රටවල්වල ජාතික ධජයන්හි ඇතුළත් වී තිබේ. නිල්, රතු සහ කොළ වර්ණ යොදාගෙන තිබීම විශේෂත්වයකි.

එළිදක්වා ඇති ලෝක කුසලාන බෝලයට නම්තබා ඇත්තේ ‘ට්‍රයෝන්ඩා’ යන නමයි.

සුපිරි හිටපු ප්‍රංශ පාපන්දු ක්‍රීඩක ඩිනෙඩීන් ඩීඩැන්ගේ සහභාගිත්වයෙන් මෙම නම තබා තිබේ.

ස්පාඤ්ඤ බසෙන් තරංග තුනක් යන අරුත දෙන මෙම පන්දුව තරග විනිසුරුවරුන්ට ගෝල් ලයින් තාක්ෂණය සහ වීඩියෝ විනිසුරු තීරණ ගැනීම සඳහා තත්ත්පරයට 500HZ සංඥා නිකුත් කරනු ඇත.

තවද 2026 පාපන්දු ලෝක කුසලානයේ නිල සුරතලා ද නම්කර තිබෙන අතර ඒ අනුව කැනඩාවේ මේපල් නම් මුවා ද මෙක්සිකෝවේ සයු නම් ජගුවර් සහ ඇමෙරිකාවේ කැච් නම් රාජඅලියා ද ලෝක කුසලානයේ සුරතල් සතුන් වේ.

your image 

0%
0%
0%
0%
Comments