ads
Entertainment

කවි, ගී, නවකතා තුලින් සිත සුවපත් කරන – යමුනා මාලනී පෙරේරා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
නිරන්තර පතපොත ඇසුරට ප්‍රිය මිනිසුන් හා ඇසුර ඉතා ප්‍රියමනාප දෙයක්. "කියවීම මිනිසා සම්පූර්ණ කරයි" යන කියමන අප කුඩා කල සිටම අසා ඇත. ඒ වටිනා පුරුද්ද ළමා වියේ සිටම උරුම කරගත්, කිවිඳියක, ගී පද රචිකාවක, ලේඛිකාවක ලෙස තම පන්හිඳෙන් අප සිත් තුළ නෙක රටා මවන යමුනා මාලනී පෙරේරා මහත්මිය නම් වූ ඇය අද වනවිට නූතන ශ්‍රී ලාංකේය කලා රසික සිත්වල ආදරය ගෞරවය නිරතුරු හිමි කරගන්නට තරම් වාසනාවන්ත වූවාය.

අහස පොළොව, රෝස තොල් සිඹිමි, සඳ කිණිති නැමි ආදී ජනප්‍රිය ගීත රැසක් රචනා කළ ඇය සමඟයි අද Ziradaily අපේ කතාබහ...

ඔබේ ළමා කාලය ගැන කතා කළොත්? කියවීමේ පුරුද්ද ඔබට උරුම වූයේ කෙසේද?

"මට මතකයි කුඩා කළ අපේ නිවස තුළත් කියවීමේ පුරුද්ද සහිත අය බොහෝ සිටියා. විශේෂයෙන්ම මගේ අත්තම්මා හා පියා ඒ අතර ප්‍රධානය. ඒ වටිනා පුරුද්ද ළමා වියේ සිටම මටත් උරුම වුණා. පතපොත ඇසුරට මම කුඩා කාලේ ඉඳලම ගොඩක් ආසා කළා."

your image

මුලින්ම පටන් ගත්තේ ගීත රචනයෙන්ද? නැතිනම් වෙනත් නිර්මාණයකින්ද?

"මම ඇත්තටම ගීත රචනා වලට අමතරව මුලින්ම කවි තමයි ලිව්වේ. කවි ලියලා තියෙනවා. කෙටි කතා, නවකතා, ගීත රචනා, සමාජ ගීත රචනා වගේ දේවල් කරල තියෙනවා."

ඔබට ලැබුණු ප්‍රථම රාජ්‍ය සම්මානය කුමක්ද?

"මට ප්‍රථම රාජ්‍ය සම්මාන ලැබුණේ කවියට, ඒ 1993 දී. ඒ වගේම මට ලැබුණු ප්‍රථම ගීතය රාජ්‍ය සම්මාන ලැබුණු ප්‍රථම ගීතය වශයෙන් වාර්තාවකුත් තැබුවා. ඉතින් ඒක මට ලොකු ගෞරවයක්."

your image

ඔබ ගීතයට වැඩිපුර නැඹුරු වුණා කියලා කවියෙන් ඈත් වුණාද?

"ගීතයට නැඹුරු වුණා කියලා මම කවදාවත් කවියෙන් ඈත් වුණේ නැහැ. මෑතක දීත් මම කවි පොතක් කළා. ඒ වගේම යොවුන් නවකතාවක් කළා. මගේ කෘතීන් ගණනාවක් රාජ්‍ය සම්මාන සඳහා සුදුසුකම් ලබලා තියෙනවා."

ඔබේ නිර්මාණකරණයේ සමස්තය ගැන සතුටුද? මේ දක්වා කෘති කීයක් පමණ නිර්මාණය කර ඇත්ද?

"ඉතින් ඒක මට ලොකු දායාදයක්. මම මේ වනවිට කෘතීන් හැත්තෑ හතරක් වගේ කරලා තියෙනවා. මම මගේ නිර්මාණ ජීවිතය ගැන ගොඩක් සතුටුයි."

your image

ඔබ නිර්මාණය කළ ගීත අතරින් විශේෂයෙන් මතකයේ රැඳෙන ගීත මොනවාද?

"අහස පොළොව, රෝස තොල් සිඹිමි, සඳ කිණිති නැමි වැනි ජනප්‍රිය ගීත ගණනාවක් මම රචනා කරලා තියෙනවා. ඒ හැම ගීතයක්ම රසිකයන් වැලඳගැනීම මට ලොකු සතුටක්."

නිර්මාණ ජීවිතය ඉදිරියට ගෙන යාමට පෙළඹවීමක් ලැබෙන්නේ කාගෙන්ද?

"මට රසිකයින්ගෙන් ලැබෙන ප්‍රසාදය සහ ආදරය හැමදාම මගේ නිර්මාණ ජීවිතේ රසවත් කරනවා. ඒ වගේම මාව ජීවත් කරනවා. මම ගොඩක් ආසයි ඒ වගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවන් උඩ."

ඔබගේ නිර්මාණ වලට පාදක වන්නේ මොනවාද?

"මානව සබඳතා, ජීවිතයේ විවිධ අත්දැකීම්, සමාජයේ සිදුවන දේවල්, ස්වභාවධර්මයේ සුන්දරත්වය වැනි දේ මගේ නිර්මාණ වලට පාදක වෙනවා."

කවි, ගීත හා නවකතා යන විවිධ මාධ්‍යයන් තුළින් ඔබට දැනෙන වෙනස කුමක්ද?

"කවියක් යනු කෙටියෙන් ගැඹුරු අදහසක් ප්‍රකාශ කිරීමට හැකි මාධ්‍යයක්. ගීතය හදවතට සමීප හැඟීම් සංගීතය සමඟ මුසු කරනවා. නවකතාවක් දීර්ඝ කථාවක් තුළින් ජීවිතය ගැඹුරින් විමසීමට අවස්ථාව දෙනවා. මා හැම මාධ්‍යයකටම එකසේ ආදරෙයි."

නූතන සාහිත්‍යය ගැන ඔබේ අදහස කුමක්ද?

"නූතන සාහිත්‍යය විවිධත්වයෙන් යුක්තයි. නව නිර්මාණකරුවන් බිහිවීම සතුටට කරුණක්. ඔවුන් අලුත් අදහස් හා ශෛලීන් ගෙන එනවා. අපේ සාහිත්‍යය තව තවත් දියුණු වෙන්න එය ඉතා වැදගත්."

ඔබේ පාඨකයන්ට සහ රසිකයන්ට අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ කුමක්ද?

"මගේ නිර්මාණ මෙතරම් ආදරයෙන් වැළඳගැනීම ගැන පාඨක ඔබ සැමට මම හැමදාම ඔබට ස්තූතිවන්ත වෙනවා. අලුත් නිර්මාණ වලින් ඔබගේ සිත් සුවපත් කරන්නට මම ඉදිරියටත් උත්සාහ කරනවා. හැමදාම පොතපතින් ලබන දැනුම හා ආස්වාදය ඔබේ ජීවිතයට එකතු කරගන්න."

✍️නයනාංජලී හේවගේ

100%
0%
0%
0%
Comments