ads
Lifestyle

පැරිස් විලාසිතා සතියේදී ලංකාවේ නම ලොවට ගෙන ගිය චතුරි සමරවීර

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ANAYA Collection හි නිර්මාතෘ සහ කලා අධ්‍යක්ෂිකා වන චතුරි සමරවීර, පැරිස් විලාසිතා සතිය (Paris Fashion Week) අතරතුර පැවති නිල අතුරු ඉසව්වකදී සිය නිර්මාණ ඉදිරිපත් කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ලෙස වාර්තා තබා තිබෙනවා.

your image

පැරිසියේ Hotel Le Marois හිදී පැවති මෙම දර්ශනයේදී ඇයගේ 2026 වසන්ත/ගිම්හාන නිර්මාණ එකතුව වන “Balearic Dreaming” එළිදැක්වීය. මෙම අවස්ථාවට විලාසිතා ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ හවුල්කරුවන් 100 කට අධික පිරිසක් සහභාගී වී ඇත.

your image

ස්පාඤ්ඤයේ බැලෙරික් දූපත්වල ඇති සුන්දරත්වයෙන් ආභාසය ලබා නිර්මාණය කර ඇති මෙම එකතුවට, මෘදු නිල් පැහැයන්, රෝස-රන්වන් පැහැයන් සහ විචිත්‍රවත් දිය රිද්මයන් (vivid aquatic tones) ඇතුළත් වන අතර, එය සමරවීර මහත්මියගේ අලංකාර නිර්මාණ ශිල්පීය ස්වරූපය මනාව පිළිබිඹු කරයි.

your image

your image

ප්‍රංශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඇයගේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් පිරිනමමින්, "ජාත්‍යන්තර විලාසිතා ලෝකයේ ශ්‍රී ලංකාවට අතිශය අභිමානවත් මොහොතක්" ලෙස එය විස්තර කර ඇත. ශ්‍රී ලංකාවේ සිට ගෝලීය වේදිකාව දක්වා වූ ඇයගේ ගමන, ඇයගේ දැක්ම, නිර්මාණශීලීත්වය සහ කැපවීම සඳහා සාක්ෂියක් බව තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

0%
0%
0%
0%
Comments