අදාළ නඩුවේ විමර්ශන ගොනුව 2025 පෙබරවාරි 19 දින නීතිපතිවරයාට යොමු කර තිබුණද, දැනට සිදු කර ඇති විමර්ශන මගින් අපරාධ වරදක් සිදුවූ බවට තහවුරු කරගැනීමට නොහැකිව තිබුණේය. එයම හේතුවෙන් ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා.
මෙම සිද්ධියට සම්බන්ධව අගෝස්තු මාසයේදී, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්, සහ අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ ප්‍රකාශ ලබා දී තිබුණි.
වංචා විමර්ශන කාර්යංශය අධිකරණය හමුවේ පැවසුවේ සියලුම ප්‍රකාශ සටහන් කර අවසන් බවත්, 2020 දී නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ විධායක කමිටු තීරණය මත තමන් බදු දීමනාකරු ලෙස කටයුතු කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන් බවත් ය.
මෙම නඩුව ගොනු කිරීමෙන් පසු අවස්ථා දෙකකදී අධිකරණය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණද, ඒවා ක්‍රියාත්මක කර නොමැති අතර පොලිසිය නීතිපති උපදෙස් උවමනා බව පවසා ඇති බවද අධිකරණය ඉදිරියේ හෙළි විය.