
ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ගේ කුළුඳුල් නිර්මාණය
ආර්යන් ඛාන්ගේ මව වන ගෞරි ඛාන්ගේ Red Chillies Entertainment නිෂ්පාදනයක් වන මෙම කතා මාලාවේ මංගල දර්ශනයට ආර්යන් සමග ඔහුගේ පියා ෂාරුක් ඛාන්, මව ගෞරි ඛාන්, සොහොයුරිය සුහානා ඛාන් සහ සොහොයුරා අබ්‍රම් ඛාන් ඇතුළු මුළු පවුලම එක්ව සිටියා. මීට අමතරව, කාජල්, අජේ දේව්ගන්, රන්බීර් කපූර්, ආලියා භාට්, මධුරි ඩික්සිත් මෙන්ම අම්බානි පවුල ඇතුළු තවත් බොලිවුඩ් තරු රැසක් මෙම උත්සවයට සහභාගී වී සිටියා.
මෙම කතා මාලාව අද (සැප්තැම්බර් 18) සිට Netflix ඔස්සේ විකාශය කෙරෙනවා. මෙහි කතා තේමාව බොලිවුඩ් සිනමා කර්මාන්තයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය, එහි ඇති තරගකාරීත්වය, සහ කීර්තිය හඹා යන ආකාරය පිළිබඳ උපහාසාත්මක අන්තර්ගතයක් සහිත එකක් බවට වාර්තා වෙනවා.
'The Bads of Bollywood' හි රංගනයෙන් ලක්ෂ්‍යා ලාල්වානි, සහර් බම්බා, බොබී ඩියෝල්, ආන්යා සිං, මෝනා සිං, මනෝජ් පහ්වා වැනි නළු නිළියන් රැසක් දායක වී තිබෙනවා. එමෙන්ම, ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, අමීර් ඛාන්, රන්වීර් සිං, එස්.එස්. රාජමෞලි සහ කරන් ජෝහාර් වැනි ප්‍රමුඛ පෙළේ තරු කිහිප දෙනෙක්ම මෙහි ආරාධිත රංගනයෙන් එක්වන බවත් සඳහන්.
මෙම නිර්මාණය ආර්යන් ඛාන්ගේ ප්‍රථම අධ්‍යක්ෂණය සහ තිර රචනය වන බැවින්, එය බොලිවුඩ් කර්මාන්තය තුළ ඔහුගේ නව ආරම්භය සනිටුහන් කරනු ඇති.