
නවයූගා කුහරාජාගේ ‘Bommai’ දමිළ චිත්‍රපටයේ මංගල දර්ශනය දා
Nayananjali
18-Sep-2025 10:31:08
ශ්‍රී ලාංකීය තරුණ චිත්‍රපට අධ්‍යක්ෂකවරියක වන නවයූගා කුහරාජා විසින් අධ්‍යක්ෂණය කළ ‘Bommai’ (An Island Story) දමිළ චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ,One Galle Face mallහි පිහිටි PVR සිනමාශාලාවේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට චිත්‍රපටයේ නළු නිළියන්, නිෂ්පාදන කණ්ඩායම ඇතුළු තවත් කලාකරුවන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වී සිටියා.
මෙම චිත්‍රපටය පශ්චාත් යුධ කාලීන තේමාවක් අන්තර්ගත වන මනෝවිද්‍යාත්මක නාට්‍ය වර්ගයේ චිත්‍රපටයක් ලෙස හැදින්විය හැකියි.
මෙහි අධ්‍යක්ෂිකාව වන නවයූගා කුහරාජා උතුරේ යුද්ධය පිළිබඳව ඇය අත්විදී ඛේදනීය, සත්‍ය අත්දැකීම් මත පදනම් වෙමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.
0%
0%
0%
0%
Comments