ads
Lifestyle

කරීනා කපූර්ගේ තරුණ පෙනුමේ රහස

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ඇත්තටම කරීනා කපූර් කියන්නේ හැමදාම ලස්සනට ඉන්න නිළියක්. ඇගේ රූ සපුව බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙනවා. මේ තියෙන්නේ ඇය තමන්ගේ තරුණ පෙනුම රඳවා ගන්න භාවිතා කරන රහස් පහක්:

වතුර සහ පොල් වතුර පානය කරන්න

කරීනාට අනුව ජලය කියන්නේ සමේ තෙතමනය රැක ගැනීම සඳහා ආශ්චර්යමත් ඖෂධයක් වගේම, සමේ ඇති වන ගැටළු වළක්වා ගැනීමටත් ජලයෙන් පුළුවන් බව ඇය විශ්වාස කරනවා. පොල්/තැඹිලි/කුරුම්බා වතුර විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත් නිසා සමේ කොලජන් සෑදීමට ඒවා උපකාරී වෙනවා.

ෆෙමිනා සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කරීනා මෙහෙම කිව්වා: "මම දිනකට වතුර බෝතල් හතරක් හෝ හයක් පානය කරනවා. මගේ සියලු පීඩාකාරී ගමන් වලින් වෙහෙසට පත්ව සිටියත් මගේ හිසකෙස් සහ සම සජලීව තබා ගැනීමට වතුර මට උපකාරී වෙනවා."

සම සම්බාහනය කිරීමට මී පැණි භාවිතා කරන්න

ඇයගේ සමට නිරන්තරයෙන්ම දීප්තියක් ලබා ගැනීම සඳහා ආලේප කරන්නේ සරල වේශ නිරූපණයක් (makeup) පමණයි. පුළුවන් සෑම විටම වේශ නිරූපණයෙන් තොරව සිටින්න ඇය කැමතියිලු. කරීනා මී පැණි ඇගේ සම රැකවරණයේ වීරයා ලෙස සලකනවා. මී පැණිවල ප්‍රතිබැක්ටීරීය, මොයිස්චරයිසින් ගුණ සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා ඇය ඒවා භාවිතා කරනවා.

දීප්තිමත් සමක් ලබා ගැනීම සඳහා කරීනා කපූර් සෑම දිනකම මිනිත්තු කිහිපයක් ඇගේ සමට මී පැණි භාවිතා කරමින් සම්බාහනය කරන අතර, එමඟින් ඇයට සිනිඳු, මෘදු හා ගැටළු රහිත සමක් ලැබෙන බව කියනවා.

සම මත කිරි සහ ආමන්ඩ් තෙල් භාවිතා කරන්න

කරීනා ගැන අපි නොදන්නා කරුණක් නැති තරම්. ඒත් ඇය මේ දේ කරනවා කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ආමන්ඩ් තෙල් විටමින් E වලින් පොහොසත් නිසා එය සම මොයිස්චරයිස් කරන අතර සමට ඉතාම ප්‍රයෝජනවත් තෙල් වර්ගයක්. පාරජම්බුල කිරණවලින් සිදුවන හානිය වළක්වා ගැනීමට සහ වයස්ගත පෙනුම මග හරවා ගැනීමටත් ආමන්ඩ් තෙල් උපකාර කරනවා.

කරීනා මෙහෙම පවසා තිබුණා: "මම සෑම දිනකම මගේ සමට සහ හිසකෙස් වලට ආමන්ඩ් තෙල් ආලේප කරනවා. මගේ අම්මා සහ ආච්චිත් දැන් දශක ගණනාවක් තිස්සේ ආමන්ඩ් ඔයිල් භාවිතා කරනවා. සමහර වෙලාවට මම කිරි සහ ආමන්ඩ් ඔයිල් වලින් සාදන ලද ෆේස් මාස්ක් එකක් ද භාවිතා කරනවා. ඒක මගේ පවුලේ කාන්තාවන් විසින් මට භාර දුන්නු පුරුද්දක්."

සම තෙතමනය සහිතව තබා ගන්න

ඇය දිනකට දෙවරක් මුහුණ සේදීමේ සිට ගුණාත්මක රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය ද අතපසු කරන්නේ නැහැ. ඒ අතර කරීනා තමන්ගේ සම නිතරම මොයිස්චරයිසින් කර තබා ගැනීමට වග බලා ගන්නවා.

ගෙදර හැදූ ෆේස් පැක් සහ ෂීට් මාස්ක්

කරීනාගේ ප්‍රියතම ගෙදර හැදූ ෆේස් මාස්ක් එක මී පැණි සහ කිරි මිශ්‍රණයක් වන අතර එයින් ඇයගේ සම පැහැපත් කර ගැනීමට ඇය සමත් වෙලා තියෙනවා.

කරීනා කපූර්ගේ මේ රූපලාවණ්‍ය රහස් ඔබටත් ඔබේ දෛනික රූපලාවණ්‍ය චර්යාවට එකතු කර ගන්න පුළුවන්. 

 

0%
0%
0%
0%
Comments