මෙම ප්‍රදර්ශනයේ ප්‍රධානතම අරමුණ වූයේ අපේ රටේ ස්වාභාවික සුන්දරත්වය, විවිධත්වය මෙන්ම ශ්‍රී ලාංකිකයන්ටම ආවේණික වූ උණුසුම් ආගන්තුක සත්කාරය තුර්කි සංචාරකයින් සහ ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් වෙත වඩාත් සමීප කරවීමයි.
ප්‍රදර්ශන භූමියේ ඉදිකර තිබූ ආකර්ෂණීය ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය, පැමිණි බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ අතර, එය සංචාරක ලෝලීන්ට අපේ රට පිළිබඳ නැවුම් අත්දැකීමක් ලබා දෙන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබුණා.
ශ්‍රී ලංකාව සතු පොහොසත් සංස්කෘතික උරුමය, මනරම් කඳුකරය සහ ස්වාභාවික පරිසරය, සුන්දර වෙරළ තීරයන් මෙන්ම ලොව කිසිදු තැනක දැකගත නොහැකි වනජීවී විවිධත්වය පිළිබඳව තොරතුරු රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. ඊට අමතරව, ශ්‍රී ලාංකේය පාරම්පරික ආහාර සංස්කෘතියේ රසය සහ සංචාරකයින්ට අත්විඳිය හැකි සුවිශේෂී අත්දැකීම් පිළිබඳව ආකර්ෂණීය ප්‍රවර්ධන ද්‍රව්‍ය සහ සුහද සංවාද මගින් පැමිණි පිරිස දැනුවත් කිරීමට තානාපති කාර්යාල නිලධාරීන් කටයුතු කර තිබුණා.