ads
Feature

සාගර පතුලේ අභිරහස් සොයා ගිය ක්ලෝයි රැග්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
සාගරයේ අඳුරු, අභිරහස් පතුල කියන්නේ මිනිස් ඇසට තවමත් සම්පූර්ණයෙන්ම විවෘත නොවුණු අපූරු ලෝකයක්. පසුගිය නොවැම්බර් 21 වැනිදා කුක් දූපත්හි විද්‍යාඥවරියක වන ක්ලෝයි රැග්, මීටර් 5,000ක් තරම් අතිශය ගැඹුරු මුහුදු පතුලට කිමිදෙමින් ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

චීනයේ නිෂ්පාදිත 'ජෝ ලොං' (Jiaolong) නමැති සබ්මැරීනය ආධාරයෙන් සිදු කළ මෙම වික්‍රමාන්විත ගවේෂණය, ඇයගේ ජීවිතයේ පමණක් නොව සමස්ත කුක් දූපත් ඉතිහාසයේම සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සටහන් වෙනවා.

චීන නියමුවන් දෙදෙනෙකු සමඟ එක්ව ක්ලෝයි සිදු කළ මෙම ගැඹුරු මුහුදු සංචාරය සඳහා පැය 10ක පමණ දීර්ඝ කාලයක් ගත වී තිබෙනවා. හිරු එළිය කිසිසේත්ම ළඟා නොවන, අධික පීඩනයක් සහිත සාගර පතුලේ සැරිසරමින් මුහුදු පතුල සිතියම්ගත කිරීමටත්, ඉතා දුර්ලභ විද්‍යාත්මක සාම්පල රැස් කිරීමටත් ඇය මෙහිදී සමත් වුණා. ඒ අනුව, තම මව්රටට අයත් ගැඹුරු සාගර කලාපය සියැසින්ම නිරීක්ෂණය කළ පළමු කුක් දූපත් ජාතිකයා බවට පත්වීමේ ගෞරවයද ඇයට හිමි වනවා.

මෙම සුවිශේෂී ගවේෂණය තවත් අදියර කිහිපයකින් ඉදිරියටත් ක්‍රියාත්මක වීමට නියමිතයි. බලධාරීන් පවසන ආකාරයට මෙම මෙහෙයුම යටතේ තවත් කිමිදීම් පහක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. කුක් දූපත්හි දේශීය පර්යේෂකයන්ට ගැඹුරු මුහුදු ගවේෂණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දීමත්, සාගර පරිසර පද්ධතිය පිළිබඳ නව දත්ත රැස් කිරීමත් මෙහි ප්‍රධානතම අරමුණයි.

0%
0%
0%
0%
Comments