සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මාධවී ගුණරත්න මහත්මිය මෙම නවතම දත්ත පිළිබඳව කරුණු පැහැදිලි කළා.
ඒ අනුව, 1987 වසරේදී මෙරට පළමු HIV ආසාදිතයා වාර්තා වූ දා සිට 2026 වසරේ තෙවන කාර්තුව අවසන් වන විට මෙරටින් හඳුනාගෙන ඇති මුළු HIV ආසාදිතයින් සංඛ්‍යාව 8,111 කි. එමෙන්ම, 2026 වසරේ තෙවන කාර්තුව අවසන් වන විට පමණක් නව HIV ආසාදිතයින් 708 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
මෙම නවතම දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන වඩාත්ම අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ තරුණ වයස් කාණ්ඩය තුළ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාවයි. 2026 තෙවන කාර්තුව අවසන් වන විට අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයෙන් නව ආසාදිතයින් 88 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් 78 දෙනෙකුම අවුරුදු 20ත් 24ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් වේ. මෙය එම වයස් කාණ්ඩයේ මුළු ආසාදිතයින්ගෙන් ආසන්න වශයෙන් සියයට 89ක පමණ ඉහළ ප්‍රතිශතයක්.
තරුණ ප්‍රජාව අතර මෙම වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නිවැරදි ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය, ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සහ සැකසහිත අවස්ථාවලදී කඩිනමින් රුධිර පරීක්ෂාවන් සඳහා යොමු වීම අතිශයින් වැදගත් වනවා. දිවයින පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග සායන මගින් රහස්‍යභාවය සුරැකෙන පරිදි නොමිලේ HIV පරීක්ෂාවන් සහ උපදේශන සේවා ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.