ads
Feature

දකුණු ආසියාවේ පළමු Air Dome ව්‍යුහය කොළඹ වරාය නගරයේදී

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
කොළඹ වරාය නගරය කියන්නේ අද වෙද්දී අපේ රටේ නවීන නාගරික ජීවන රටාවට අලුත්ම අත්දැකීම් එකතු කරන සුවිශේෂී කේන්ද්‍රස්ථානයක්. මේ සුන්දර පරිසරයට තවත් සුවිශේෂී වටිනාකමක් එකතු කරමින්, දකුණු ආසියාවේ පළමු 'Air Dome' ව්‍යුහය දැන් කොළඹ වරාය නගරයේ ස්ථාපිත කර තිබෙනවා.

ඩුබායි වැනි ලෝකයේ දියුණුම ජාත්‍යන්තර නගරවල දැකගත හැකි නවීන තාක්ෂණය ආදර්ශයට ගනිමින් නිර්මාණය කර ඇති මෙම විශේෂිත ගෘහස්ථ පරිශ්‍රය, එකවර පුද්ගලයින් 4,000කට පමණ ඉතා පහසුවෙන් රැස්විය හැකි පරිදි ඉදිකර තිබීම විශේෂත්වයක්. 

දැනට එහි අවසන් සිවිල් ඉදිකිරීම් කටයුතු කිහිපයක් සිදුවෙමින් පවතින අතර, එළඹෙන දෙසැම්බර් මාසය අවසන් වන විට මෙහි මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

CHEC Port City Colombo සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ඉඩම් සංවර්ධන හා අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශලක විජේරත්න මහතා පවසන පරිදි, ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, ව්‍යාපාරික හමුවීම් මෙන්ම දැවැන්ත ප්‍රසංග සහ උත්සව පැවැත්වීම සඳහා මෙම පරිශ්‍රය භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා.

යෝජිත ස්ථිර මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 4,000කට සහභාගී විය හැකි ගෘහස්ථ බහුකාර්ය ශාලාවක් සහ එළිමහනේ පුද්ගලයින් 5,000කට පහසුකම් සැලසිය හැකි පරිශ්‍රයක් ද ඇතුළත් කිරීමට සැලසුම් කර තිබීම විශේෂත්වයක්.

0%
0%
0%
0%
Comments