ads
Lifestyle

සුව නින්දක් සහ සැහැල්ලු මනසක් වෙනුවෙන් 'ඩිජිටල් විවේකයක්' අවශ්‍ය ඇයි?

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
වර්තමානයේ අපගේ දෛනික ජීවිතයේ නැතුවම බැරි අංගයක් බවට පත්ව ඇති ස්මාර්ට් දුරකථනය, නිහඬවම අපගේ සුව නින්ද සොරාගන්නා බව ඔබ දැන සිටියාද? අමෙරිකාවේ පිව් පර්යේෂණ මධ්‍යස්ථානය (Pew Research Center) විසින් 2026 වසරේ මැයි සහ ජූනි මාසවලදී සිදු කර පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළ නවතම සමීක්ෂණයකින් මේ පිළිබඳව අපූරු තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

එම වාර්තාවට අනුව, වයස අවුරුදු 18ත් 29ත් අතර තරුණ තරුණියන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක්, එනම් 62%ක් පමණ පවසන්නේ ස්මාර්ට් දුරකථන භාවිතය නිසා තමන්ට ලැබෙන නින්දේ ප්‍රමාණයට දැඩි ලෙස බාධා එල්ල වන බවයි.

මෙම තත්ත්වය තරුණ පරපුරට පමණක් සීමා වූවක් නොවේ. සමස්ත වැඩිහිටි ජනගහනයෙන් 41%ක් ස්මාර්ට් දුරකථන තම නින්දට අහිතකර ලෙස බලපාන බව පිළිගන්නා අතර, දුරකථන භාවිතය නින්දට උපකාරී වන බව පවසන්නේ 5%ක් වැනි ඉතා සුළු පිරිසක් පමණයි. විශේෂයෙන්ම වයස අවුරුදු 30ත් 49ත් අතර පසුවන වැඩිහිටියන්ගෙන් අඩක් පමණ දෙනාද රාත්‍රී නින්ද අහිමි වීමට තම ජංගම දුරකථනය ප්‍රධාන හේතුවක් වී ඇති බව සඳහන් කරනවා.

අප බොහෝ දෙනෙකුට දිනකට කොපමණ වේලාවක් තිරය දෙස බලා සිටිනවාද යන්න පිළිබඳව නිසි වැටහීමක් නැතත්, සමීක්ෂණයට එක් වූ වැඩිහිටියන්ගෙන් 53%ක් තමන් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කාලයක් ස්මාර්ට් දුරකථනය සමඟ ගත කරන බව පිළිගෙන තිබෙනවා. 

වයස අවුරුදු 18-29 අතර තරුණ පිරිස අතර මෙම ප්‍රතිශතය 70%ක් දක්වා ඉහළ යන අතර, වයස 30-49 අතර පිරිසෙන් 64%ක් ද, වයස 50-64 අතර පිරිසෙන් 49%ක් ද, අවුරුදු 65ට වැඩි පිරිසෙන් 25%ක් ද තමන් අධික ලෙස දුරකථනයට ඇබ්බැහි වී ඇති බව විශ්වාස කරනවා.

මෙම අධික තිර කාලය  පාලනය කර ගැනීමට බොහෝ දෙනෙකුට අවශ්‍ය වුවත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම එතරම් පහසු වී නැහැ. පසුගිය මාස 12 තුළ තම දුරකථන භාවිතය අඩු කිරීමට උත්සාහ කර ඇත්තේ වැඩිහිටියන්ගෙන් 45%ක් පමණක් වන අතර, 46%ක් ඒ සඳහා කිසිදු උත්සාහයක් ගෙන නැහැ. 

එමෙන්ම භාවිතය සීමා කිරීමට උත්සාහ කළ අයගෙන් පවා ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ඇත්තේ 25%ක් පමණයි. සෑම වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම පාහේ නිරන්තරයෙන්ම දුරකථනය භාවිත කරන අතර, වයස 30ට අඩු තරුණ පිරිස අතර එය 42%ක් වැනි ඉහළ අගයක් ගන්නවා.

නින්දට බාධා කිරීමට අමතරව, ස්මාර්ට් දුරකථන භාවිතය නිසා තම එදිනෙදා වැඩකටයුතුවල ඵලදායීතාවය අඩු වන බව 34%ක් පවසන අතර, එය තම මානසික ස්වභාවයට (Mood) අහිතකර ලෙස බලපාන බව 22%ක් සඳහන් කරනවා. 

කෙසේ වෙතත්, ස්මාර්ට් දුරකථනයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලද බැහැර කළ නොහැකියි. නවතම තොරතුරු දැන ගැනීමට එය උපකාරී වන බව 73%ක් පවසන අතර, සමීපතමයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට එය ඉවහල් වන බව 51%ක් පිළිගන්නවා. 

එබැවින් තොරතුරු ලෝකය සමඟ සම්බන්ධ වෙමින්, අපගේ සුව නින්ද සහ මානසික සුවතාවය ආරක්ෂා කර ගැනීමට නම්, ස්මාර්ට් දුරකථනය භාවිත කරන කාලය පිළිබඳව ස්වයං පාලනයක් ඇති කර ගැනීම අද දවසේ අත්‍යවශ්‍යම කරුණක් බවට පත්ව තිබෙනවා.

0%
0%
0%
0%
Comments