ප්‍රකට Makeup ශිල්පිනියන් වන Donni Davy සහ Alexandra French පෙන්වා දෙන පරිදි, මෙම පෙනුම සඳහා ලා රෝස, ලැවෙන්ඩර් සහ ෂැම්පේන් වැනි මෘදු සහ සන්සුන් වර්ණ තෝරා ගැනීම ඉතා සුදුසුයි.
ඇස් පියන් මත මෙම සියුම් දිලිසෙන වර්ණ සැහැල්ලුවෙන් තැවරීමෙන් ඇස්වලට අමුතුම ප්‍රබෝධයක් සහ මෘදු බවක් එක් කළ හැකිය. තද හෝ අධික ලෙස කැපී පෙනෙන වර්ණ වෙනුවට මෙවැනි මෘදු සෙවණැලි භාවිත කිරීම මගින් වඩාත් සියුම් සහ සිනිඳු නිමාවක් ලබා ගත හැකි බව ඔවුන්ගේ අදහසයි.
Stardust Makeup ප්‍රවණතාවේ ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ එය ඇස්වලට පමණක් සීමා නොවීමයි. උරහිස්, ගෙල අසල අස්ථි ප්‍රදේශය (collarbone), හිසකෙස් සහ නියපොතු සඳහා ද මෙම සියුම් දිලිසෙන පෙනුම එක් කර ගැනීමේ හැකියාව පවතී. සම්පූර්ණ පෙනුමටම එකම ආකාරයේ සමබර දීප්තියක් ගෙන දෙන මෙම උපක්‍රමය, සරල ඇඳුමකට වුවද අලුත් ජීවයක් සහ නවීන පෙනුමක් එක් කිරීමට සමත් වේ.