ads
Entertainment

සිංහල සිනමාවේ ආදායම් වාර්තා අලුත් කළ ‘එදා රෑ’

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලාංකේය සිනමා වංශකතාවේ මෙතෙක් නොතිබූ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 'එදා රෑ' චිත්‍රපටය තිරගත වීම ආරම්භ වී පළමු දින 70 ඇතුළත රුපියල් කෝටි 100කට අධික දැවැන්ත ආදායමක් උපයා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව මෙරට සිනමා ඉතිහාසයේ රුපියල් කෝටි 100 කඩඉම පසු කළ පළමු සිංහල චිත්‍රපටය මෙන්ම, මෙතෙක් වැඩිම ආදායමක් වාර්තා කළ සිංහල සිනමා නිර්මාණය බවට පත්වීමේ ගෞරවය ද 'එදා රෑ' සතු වනවා.

හෙළ සංගීත ක්ෂේත්‍රයේ අමරණීය නාමයක් සටහන් කළ ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ සත්‍ය ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය, ප්‍රේක්ෂක හදවත් තදින්ම ස්පර්ශ කිරීමට සමත් වුණා. එතුමාගේ ජීවිතයේ සංවේදී මතකයන් සහ සංගීත ගමන්මඟ ඉතා සියුම්ව සිනමාවට නැගීම නිසා පරම්පරා ගණනාවක ප්‍රේක්ෂකයින් සිනමාහල් වෙත ඇදී ඒම මෙම සුවිශේෂී ජයග්‍රහණයට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.

ප්‍රවීණ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන භූමිකාවට පණ පොවන්නේ දක්ෂ රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍රයි.

0%
0%
0%
0%
Comments