ads
Feature

ශ්‍රී ලංකාවේ නම දකුණු කොරියාවේ රන් අකුරින් ලියූ චන්තුකි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
දකුණු කොරියාවේ පැවති 2026 ජාත්‍යන්තර කොරියානු අධ්‍යාපන යොවුන් කඳවුරේදී කොරියානු කාව්‍ය ගායනා හා සාහිත්‍ය ඉදිරිපත් කිරීමේ තරගයෙන් කොරියානු ජනරජයේ ගෞරවනීය අධ්‍යාපන අමාත්‍ය සම්මානය දිනා ගැනීමට කොළඹ 08, දේවි බාලිකා විද්‍යාලයේ චන්තුකි තත්යානා සිරිවර්ධන සිසුවිය සමත් වී තිබෙනවා.

රටවල් 30ක සහභාගිත්වයෙන් පැවති මෙම තරගයේ ද්විතීක මට්ටමේ කොරියානු කාව්‍ය අංශය නියෝජනය කරමින් සම්මානය සඳහා තෝරා ගනු ලැබූ විදෙස් සිසුන් තිදෙනා අතරට ඇය ඇතුළත් වීම ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක් ගෙන දෙන අවස්ථාවක්.

දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කොරියානු අධ්‍යාපන පදනම මඟින් සංවිධානය කළ මෙම වැඩසටහන කොරියානු භාෂා අධ්‍යාපනය, සංස්කෘතික අවබෝධය සහ ජාත්‍යන්තර තරුණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබුවා. රටවල් රැසක සිසුන් සහ ගුරුවරුන් 92 දෙනෙකු එක්වූ මෙම අත්දැකීම තුළින් භාෂා ඉගෙනීමට ඔබ්බෙන් ගිය සංස්කෘතික මිත්‍රත්වයන් සහ ගෝලීය දැක්මක් ගොඩනඟා ගැනීමට තරුණ පරපුරට අවස්ථාව හිමි වුණා.

කොරියානු සාහිත්‍ය රසවින්දන ඉදිරිපත් කිරීමේ තරගයේදී චන්තුකි තත්යානා ප්‍රකට කොරියානු කවියකු වන වං ජි වූ විසින් රචිත “LHE | E” (ඔබ එනතුරු බලා සිටින අතරතුර) කවිය ඉදිරිපත් කළා. ඇයගේ නිවැරදි උච්චාරණය, හඬ පාලනය, රිද්මය සහ හැඟීම්බර ප්‍රකාශනය විනිශ්චය මණ්ඩලයේ විශේෂ ඇගයීමට ලක් වූ අතර, කවියේ අරුත තම පෞද්ගලික අරමුණු සමඟ බද්ධ කරමින් සිහින සැබෑ වනතුරු බලා සිටීම වෙනුවට අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ඒවා හඹා යා යුතු බව ඇය ඉදිරිපත් කළ ආකාරය කැපී පෙනුණා.

නොවැම්බර් 10 වැනිදා කොරියානු ජනරජයේ ජාතික සභා පරිශ්‍රයේ සරංජේ ශාලාවේදී පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍ය චෝයි කියෝ-ජින් මහතා අතින් වියට්නාමය, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව නියෝජනය කළ සිසුන් තිදෙනෙකුට සම්මාන පිරිනැමුණා. The Korea Herald සහ The Korea Times වැනි ප්‍රමුඛ දකුණු කොරියානු පුවත්පත් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල නිවේදනයද ඇයගේ දක්ෂතාව අගය කරමින්, නව භාෂා සහ ජාත්‍යන්තර අවස්ථා හඹා යන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අනගි ආදර්ශයක් සපයා තිබෙනවා.

0%
0%
0%
0%
Comments