ads
Lifestyle

දියමන්ති 3,150කින් සැරසුණු මිස් යුනිවර්ස් කිරුළ

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලෝක රූ රැජින ක්ෂේත්‍රයේ වඩාත්ම අවධානයට ලක්වන Miss Universe තරගාවලිය සිය 75 වැනි සංවත්සරය සමරන මේ ඓතිහාසික මොහොතේ, තරගාවලියේ අභිමානය තවත් ඉහළට ඔසවා තබමින් නවතම කිරුළක් හඳුන්වා දීමට Miss Universe Organization පියවර ගෙන තිබෙනවා. විලාසිතා සහ සුඛෝපභෝගී කලා ලෝකයේ නව කතාබහක් නිර්මාණය කර ඇති මෙම අපූරු නිර්මාණය, තරගාවලියේ දීර්ඝ ගමන් මඟ සංකේතවත් කරන සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි.

"The Radiance of an Eternal Legacy" ලෙස නම් කර ඇති මෙම කිරුළ, එහි නාමයටම ගැළපෙන පරිදි අතිශය දීප්තිමත් සහ අලංකාර නිමාවකින් යුක්තයි. ස්වභාවික දියමන්ති 3,150කින් ඔපවත් වී ඇති මෙම කිරුළ, දකින ඕනෑම අයෙකුගේ නෙත් වසඟ කරවන සුඛෝපභෝගී කලා කෘතියක් බවට පත්ව තිබෙනවා. සෑම දියමන්තියක්ම ඉතා සියුම් ලෙස ඔබ්බවා ඇති ආකාරය, ඊට අද්විතීය චමත්කාරයක් එක් කරනවා.

මෙම අගනා කිරුළ පිටුපස සිටින්නේ ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ ආභරණ නිර්මාණකරුවෙකු වන George Wittels යි. ඔහු විසින් සුඛෝපභෝගී සන්නාමයක් වන Maison d'OR සමඟ අත්වැල් බැඳගනිමින් මෙම විශිෂ්ට නිර්මාණය ලොවට දායාද කර තිබෙනවා. සාම්ප්‍රදායික කලා ශිල්පීය ක්‍රම සහ නවීන විලාසිතා ප්‍රවණතා මනාව සංකලනය කරමින් නිමවා ඇති මෙම කිරුළ, ඔවුන්ගේ නිර්මාණශීලීත්වයේ උපරිමය පෙන්නුම් කරන්නක්.

පසුගිය වසර 75 පුරාවට Miss Universe වේදිකාව ජයගත් සහ ලොවට බලපෑම් කළ සියලුම කාන්තාවන්ගේ ශක්තිය, ආත්ම විශ්වාසය සහ ඔවුන් ඉතිරි කළ අමරණීය උරුමය සංකේතවත් කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බව සංවිධායකයින් පවසනවා.තොරතුරු HOLA වෙබ් අඩවිය ඇසුරිනි  

0%
0%
0%
0%
Comments