ads
Lifestyle

විලාසිතාවට නැගුණු වැන් ගෝගේ ‘Starry Night’ විශිෂ්ට සිතුවම

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
කලාව සහ විලාසිතාව එකිනෙක මුසු වූ තවත් එක් අපූරු අවස්ථාවක් පසුගියදා පැවැති Vogue Arabia Ball 2026 උළෙලේදී ලෝකයේම අවධානය දිනාගැනීමට සමත් වුණා.

එහිදී කතාබහට ලක්වූ ප්‍රධානම මාතෘකාව බවට පත්වුණේ ලෙබනන් ජාතික ප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පී රමී කාඩි විසින් ටියුනීසියානු නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක වන අසා ස්ලීමේන් (Azza Slimene) වෙනුවෙන් නිර්මාණය කර තිබූ අතිවිශේෂ ගවුමයි.

සුප්‍රකට චිත්‍ර ශිල්පී වින්සන්ට් වැන් ගෝගේ 1889 වසරේදී නිර්මාණය කරන ලද ලෝක ප්‍රකට ‘The Starry Night’ සිතුවම පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම ගවුම, කලා කෘතියක් ඇඳුමකට ප්‍රතිනිර්මාණය කළ අපූරු අවස්ථාවක් ලෙසයි විලාසිතා විචාරකයින් හඳුන්වන්නේ. 

රාත්‍රී අහසේ කැරකෙන නිල් පැහැති වලාකුළු, දීප්තිමත් තරු සහ සඳේ අපූරු සංයෝජනය මෙම ගවුම මතට ඉතා සූක්ෂම ලෙස ගෙන ඒමට රමී කාඩි සමත්ව තිබෙනවා.මෙවැනි අද්විතීය විලාසිතා නිර්මාණ හරහා කලාව සහ විලාසිතා ලෝකය තවත් සමීප වන අයුරු දැකගත හැකිවීම ප්‍රිය කරන අයට මහත් ආස්වාදයක්.

0%
0%
0%
0%
Comments