ads
Lifestyle

ශ්‍රී ලංකාවේ සෑම 5 දෙනකුගෙන් එක් අයෙකුටම දියවැඩියාව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 19ක පමණ පිරිසක් එනම්, සෑම පුද්ගලයින් පස්දෙනෙකුගෙන් එක් අයෙකුම දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් කොළඹ පැවති උත්සවයකදී හෙළි වූ මෙම සංඛ්‍යාව මීටත් වඩා වැඩි විය හැකි බවට විශේෂඥවරුන් අනතුරු අඟවනවා. බෝ නොවන රෝග අතර ඉදිරියෙන්ම ඇති දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි තත්ත්වයන් වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානම අභියෝගය බවට පත්ව තිබෙනවා.

රෝග ලක්ෂණ නොමැති වුණත් පරීක්ෂාව වැදගත් ඇයි?


බොහෝ දෙනෙකු සිතා සිටින්නේ කිසිදු අසනීප ලක්ෂණයක් නොමැති නම් තමන් සම්පූර්ණයෙන්ම නිරෝගී බවයි. නමුත් දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි නිහඬ රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. රෝග ලක්ෂණ මතුවන තෙක් බලා නොසිට, නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ වෙත යොමුවීමෙන් පසුකාලීනව මතුවන බරපතළ සෞඛ්‍ය සංකූලතා රැසකින් මිදීමට ඔබට හැකි වේ.

පරෙස්සම් නොවූවොත් වන බලපෑම


දියවැඩියාව මුල් අවධියේදී පාලනය කර නොගැනීම නිසා රෝගය උත්සන්න වී බයිපාස් සැත්කම් වැනි මිල අධික හා සංකීර්ණ ශල්‍යකර්ම වෙත යොමුවීමට සිදුවිය හැක.  

ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පෙන්වා දෙන පරිදි මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 15කට වැඩි පිරිසක් මෙම රෝගයෙන් පෙළෙනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටි ජනගහනය සැලකීමේදී සෑම පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් එක් අයෙකුම දියවැඩියා රෝගියෙකු වනවා.

0%
0%
0%
0%
Comments