ads
Lifestyle

ඔබේ රාත්‍රී නින්ද අඩාල කරන ඔබ නොදන්නා ආහාර පුරුදු

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
රාත්‍රී ආහාරය හොඳින් ගෙන බඩ පිරී තිබුණත්, පැය භාගයකට පමණ පසු නැවතත් කුස්සියට ගොස් මොනවා හරි කන්න හිතෙන පුරුද්ද ඔබටත් තියෙනවාද? සමීක්ෂණ වාර්තාවලට අනුව සාමාන්‍ය ජනතාවගෙන් තුනෙන් එකක් පමණ සෑම රාත්‍රියකම රාත්‍රී ආහාරයෙන් පසු කෙටි ආහාර ලබා ගැනීමට පෙළඹෙනවා.

විශේෂයෙන්ම වයස අවුරුදු 18ත් 24ත් අතර තරුණ පිරිසගෙන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුටම මෙම ආශාව පාලනය කර ගැනීමට අපහසු බව පැවසෙනවා. කෙසේ වෙතත්, නින්දට යාමට පැය දෙකකට පෙර ආහාර ගැනීම අධික බර සහ තරබාරුකම ඇතිවීමේ අවදානම වැඩි කරන බව පෝෂණවේදීන් පෙන්වා දෙනවා.

අපි නිදාගන්නා විට දීර්ඝ වේලාවක් නිරාහාරව සිටියත්, සවස් කාලයේදී අපගේ ආහාර රුචිය ස්වභාවිකවම ඉහළ යන බව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. මීට ප්‍රධාන හේතුවක් වන්නේ 'ග්‍රෙලින්' (Ghrelin) නමැති කුසගිනි ඇති කරන හෝමෝනය දවසේ අග භාගයේදී සාමාන්‍යයෙන් ඉහළ මට්ටමක පැවතීමයි. 

උදෑසන ආහාරයෙන් පසු මෙම හෝමෝනය පාලනය වුවත්, දිවා හෝ රාත්‍රී ආහාරයෙන් පසු එය එතරම් පාලනය නොවන බව විශේෂඥයන් පවසනවා. ඊට අමතරව, ප්‍රෝටීන් සහ තන්තු අඩු රාත්‍රී ආහාරයක් ගැනීම නිසා පසුව නැවත කුසගිනි ඇතිවීම, රාත්‍රියේදී බඩගිනි වේවි යැයි ඇති බිය සහ රූපවාහිනිය නරඹන ගමන් යමක් කෑමට හුරුවී සිටීම වැනි පුරුදු ද මීට බලපානවා.

රාත්‍රියට අපට බොහෝ විට සිතෙන්නේ පැණි රස, තෙල් සහිත හෝ ලුණු අධික කෙටි ආහාර ගැනීමටයි. මෙය ඇත්ත වශයෙන්ම ශරීරයට ශක්තිය අවශ්‍ය නිසා ඇතිවන්නක් නොව, මොළයේ තෘප්තිමත් බව ඇති කරන ක්‍රියාවලිය නිසා සිදුවන්නක්. රාත්‍රී ආහාරයෙන් බඩ පිරී තිබුණත්, බිස්කට් හෝ පැණිරස කෑමක් දුටු විට මොළය ඒ වෙත ඇදී යන්නේ අපේ හිතේ ශක්තිය අඩු නිසා නොව, අපේ ජීව විද්‍යාත්මක ස්වභාවය නිසාමයි.

රාත්‍රියට කෙටි ආහාර ගැනීම නින්දට බාධාවක්ද යන්න පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි මිශ්‍ර ස්වභාවයක් ගන්නවා. නමුත් සුදු පාන්, සුදු බත්, බිස්කට් සහ කේක් වැනි සීනි සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් අධික ආහාර මගින් රුධිරයේ සීනි මට්ටම වේගයෙන් වෙනස් වී නින්දට බාධා ඇති කළ හැකි බවට මතයක් පවතිනවා. අනෙක් අතට, ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසාද පසුදා රාත්‍රියේදී අධික කැලරි සහිත ආහාර ගැනීමේ ආශාව වැඩි වන බව නින්ද පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙනවා.

මෙම පුරුද්ද සෞඛ්‍ය සම්පන්නව පාලනය කර ගැනීමට නම්, මුලින්ම ඔබට ඇත්තටම කුසගිනි දැනෙනවාද නැතිනම් එය හුදෙක් පුරුද්දක්ද යන්න හඳුනා ගත යුතුයි. ඇත්තටම කුසගිනි දැනේ නම්, රාත්‍රී ආහාරයට ප්‍රෝටීන් සහ තන්තු බහුල පෝෂ්‍යදායී ආහාර එකතු කර ගැනීම වඩාත් සුදුසුයි. 

රූපවාහිනිය නරඹමින් හෝ වෙනත් දෙයකට අවධානය යොමු කරමින් ආහාර ගැනීමෙන් අපට නොදැනුවත්වම වැඩි ප්‍රමාණයක් කැවෙන නිසා එයින් වැළකී සිටීම වැදගත්. රාත්‍රී කෙටි ආහාර සම්පූර්ණයෙන්ම තහනම් කර ගන්නවා වෙනුවට, කුස්සියේ අල්මාරියේ බිස්කට් වැනි දෑ වෙනුවට පලතුරු, යෝගට්, හෝ ඇට වර්ග වැනි සෞඛ්‍ය සම්පන්න විකල්ප තබා ගැනීමෙන් ඔබට ඉබේම නිවැරදි තේරීමකට යොමු විය හැකියි. ඉඳහිට කුඩා චොකලට් කැබැල්ලක් රස විඳීමේ වරදක් නැතත්, සෑම විටම පමණ දැන සෞඛ්‍යාරක්ෂිත තේරීම් කිරීම තුළින් ඔබේ සෞඛ්‍යය මෙන්ම නින්දද සුරක්ෂිත කර ගත හැකියි. තොරතුරු බීබීසී ඇසුරිනි..

0%
0%
0%
0%
Comments