ads
Lifestyle

වැසි සමයත් සමඟ හිස ඔසවන ‘මී උණ’ අවදානම

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්ව නිකුත් කළ නවතම දත්තවලට අනුව, මේ වසර තුළ මේ දක්වා පමණක් දිවයිනෙන් මී උණ (Leptospirosis) රෝගීන් 7,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබීම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක්.

වාර්ෂිකව ජීවිත 300ක් බිලිගන්නා නිහඬ මාරයා

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තුෂාරි දබ්බරේරා මහත්මිය පෙන්වා දුන්නේ සාමාන්‍යයෙන් වසරකට මෙරට පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් මී උණ රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බවයි. ඉදිරි වැසි සහිත කාලගුණයත් සමඟ මෙම රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ දැඩි ප්‍රවණතාවක් පවතින බැවින්, සෑම පුරවැසියෙකුම මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවීම අත්‍යවශ්‍ය වෙනවා.

වැඩිම අවදානමක් ඇති දිස්ත්‍රික්ක සහ කණ්ඩායම්


මේ වසරේ මේ දක්වා වාර්තා වූ දත්ත පරීක්ෂා කිරීමේදී රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම වැසි කාලවලදී සහ ගංවතුර තත්ත්වයන් ඇතිවන අවස්ථාවලදී කුඹුරු ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතුවල නිරත වන ගොවීන් මෙන්ම, මඩ සහ අපිරිසිදු ජලය සමඟ නිරන්තරයෙන් ගැටෙන ඕනෑම අයෙකුට මෙම බැක්ටීරියාව ශරීරගත වීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

මී උණ රෝගයේ රෝග ලක්ෂණ


මී උණ රෝගයේ ඇති භයානකම තත්ත්වය වන්නේ එහි මූලික රෝග ලක්ෂණ ඩෙංගු හෝ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයන්ට බෙහෙවින් සමාන වීමයි. උණ, තද හිසරදය, මස්පිඩු වේදනාව සහ ඇස් රතු වීම වැනි ලක්ෂණ මතු වූ විට බොහෝ දෙනෙක් එය සාමාන්‍ය උණක් ලෙස සලකා නොසලකා හරින අතර, එය රෝගය උත්සන්න වීමට ප්‍රධාන හේතුවක් වෙනවා.

ස්වයං-ප්‍රතිකාරවලින් වැළකී වහාම වෛද්‍ය උපදෙස් පතන්න


ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ කිසිවක් මතු වුවහොත්, නිවසේදී හිතුමතේ ඖෂධ ලබාගැනීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම ඉතාමත් වැදගත්. රෝගය මුල් අවස්ථාවේදීම නිවැරදිව හඳුනාගෙන නිසි ප්‍රතිකාර ආරම්භ කිරීම මගින් ශරීර අභ්‍යන්තර අවයවවලට සිදුවන බරපතල සංකූලතා මෙන්ම වටිනා ජීවිත හානි ද සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරනවා.

0%
0%
0%
0%
Comments