ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාවට අභිමානයක් ගෙන දෙමින්, ස්ලෝවැකියාවේ සෙනෙක් නගරයේ පැවති ලෝක මේසපන්දු සංගමයේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට තාවි සමරවීර සමත්ව තිබෙනවා.
ඒ, අතිශය තරගකාරී වයස අවුරුදු 11න් පහළ බාලක කේවල ඉසව්ව නියෝජනය කරමිනි.
ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ මෙරට කීර්තිය නංවාලමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කිරීමට තාවි සමත්වීම ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මහත් ආඩම්බරයකි. කුඩා වියේදීම මෙවැනි අසමසම දක්ෂතා දැක්වීම හරහා ඉදිරියේදී රටට විශාල බලාපොරොත්තු රැසක් දල්වන්නට ඔහු සමත්ව සිටිනවා.