බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කෝවිලේ පාලක මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කළ මෙම උත්සවය, අමාත්‍ය ගරු හිනිදුම සුනිල් සෙනෙවි මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් යන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තෝ, ආගමික නායකයෝ, රාජ්‍ය නිලධාරීහු සහ හින්දු ප්‍රජා නියෝජිතයෝ රැසක් මෙම උත්සවයට එක්වුණා.
අඳුර පරදා ආලෝකයත්, අයහපත පරදා යහපතත්, අවිද්‍යාව දුරු කර ප්‍රඥාවත් ස්ථාපිත කිරීම සංකේතවත් කරන දීපාවලි උත්සවය, සාමය, කරුණාව, සමගිය සහ සහජීවනය පිළිබිඹු කරන උතුම් අවස්ථාවකි. විශේෂ ආගමික වතාවත්, සාම්ප්‍රදායික කලා හා සංස්කෘතික අංග ඇතුළු වැඩසටහන් රැසකින් මෙම උත්සවය සමන්විත විය.
හින්දු ප්‍රජාවේ ආගමික, සංස්කෘතික හා සාම්ප්‍රදායික උරුමය සංරක්ෂණය කිරීමත්, ප්‍රජාවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, ආගමික සහජීවනය සහ ජාතික සමගිය තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ විය. ශ්‍රී ලංකාවේ බහුසංස්කෘතික සමාජයට හින්දු ප්‍රජාව ලබා දෙන දායකත්වයද මෙහිදී ඇගයිණ.