ads
Entertainment

75 වන ‘මිස් යුනිවර්ස්’ තරගාවලියේ ශ්‍රි ලංකාව නියෝජනය කරන නිම්හාරා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
75 වන මිස් යුනිවර්ස් (Miss Universe 2026) තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා රූ රැජින වන නිම්හාරා සසඳි පසුගියදා සත්කාරක පෝර්ටෝ රිකෝ (Puerto Rico) රාජ්‍යය බලා පිටත්ව ගියා.
මෙවර පැවැත්වෙන්නේ මිස් යුනිවර්ස් තරගාවලියේ 75 වන සන්ධිස්ථානය වන අතර, නොවැම්බර් 24 වනදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක සුන්දර යුවතියන් මේ වන විටත් පෝර්ටෝ රිකෝ වෙත ළඟා වෙමින් සිටිනවා.

නිම්හාරාගේ මෙම විශේෂ ගමන වෙනුවෙන් සුබ පැතුම් එකතු කරමින් Miss Universe Sri Lanka නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම සටහනක් තබා තිබුණා. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රූපලාවන්‍ය වේදිකාවට පිවිසෙන නිම්හාරා සසඳි වෙත සමස්ත ලාංකේය ජනතාවගේම ආදරය සහ ආශීර්වාදය හිමිවන බවයි. ඇය හිස මත දරන්නේ රූ රැජින කිරුළ පමණක් නොව, මුළු රටකම බලාපොරොත්තු, සංස්කෘතිය සහ අභිමානය බවද එම සටහනෙහි පෙන්වා දී තිබුණා.

ඇය සතු කැපවීම, අලංකාරවත් බව, බුද්ධිමත්භාවය මෙන්ම විශ්වාසනීය පෞරුෂය ඇයව මෙම අභිමානවත් ජාත්‍යන්තර තලයට ගෙන ආ බව සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා. 

0%
0%
0%
0%
Comments