මෙම පැය භාගයක හෝ පැයක කාලය තුළ දරුවා කැමති දෙයක් වෙනුවෙන් කාලය යෙදවීම අතිශයින්ම වැදගත් වේ. දරුවා කතා කිරීමට, කතන්දරයක් කීමට, පාසලේදී සිදුවූ දෙයක් ගැන උනන්දුවෙන් කතා කිරීමට හෝ විනෝදජනක සෙල්ලමක් කිරීමට කැමති විය හැකියි. දෙමාපියන් ලෙස ඔබ කළ යුත්තේ දරුවාගේ අදහස්වලට සවන් දෙමින්, ඔවුන් සමඟ එම ක්‍රියාකාරකම්වල නිරත වීමයි.
දරුවාගේ මුල් අවුරුදු පහ තුළ ලබාදෙන මෙම අවධානය සහ කාලය, ඔවුන්ගේ මුළු ජීවිත කාලයටම බලපාන සාර්ථක පදනමක් සකස් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ද විශේෂයෙන් නිර්දේශ කරන්නේ දරුවාගේ මානසික හා සමාජීය සංවර්ධනය වෙනුවෙන් මෙම රන් පැයක් හෝ දිනපතා අනිවාර්යයෙන්ම ලබා දෙන ලෙසයි.
වීඩියෝව නරඹන්න - https://www.facebook.com/share/v/1HzCV6QkkC/