ads
Lifestyle

දකුණු ආසියාවේ කුසගින්න අඩුම ජනතාවක් සිටින රට ශ්‍රී ලංකාව බවට පත්වේ

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අපගේ එදිනෙදා ජීවන රටාව සහ පෝෂණය පිළිබඳව කතාබහ කරන විට, රටක් ලෙස අප ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඉතා සතුටුදායක පුවතක් පසුගියදා වාර්තා වුණා. ඒ, නවතම 2026 ගෝලීය කුසගින්න පිළිබඳ දර්ශකයට (Global Hunger Index) අනුව දකුණු ආසියානු කලාපයේ කුසගින්නේ සිටින ජනතාවගෙන් අඩුම පිරිසක් සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටීමයි.

ලොව පුරා රටවල් 122ක් ඇසුරින් සිදුකළ මෙම ඇගයීමේදී ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 53 වන ස්ථානය දිනාගැනීමට සමත්ව තිබීම කැපී පෙනෙන ජයග්‍රහණයකි.

සෙසු රටවල දත්ත සටහන්

මෙවර වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ කුසගින්න පිළිබඳ දර්ශක අගය සටහන් වන්නේ 10.2ක් ලෙසයි. අපගේ අසල්වැසි රටවල් සමග සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා යහපත් මට්ටමකය. 

මෙහි දෙවන ස්ථානය හිමිකරගෙන සිටින නේපාලයේ දර්ශක අගය 14.5ක් වන අතර, බංග්ලාදේශය 19.2ක්, ඉන්දියාව 24.1ක්, පාකිස්තානය 25.5ක් සහ ඇෆ්ගනිස්තානය 28.6ක් ලෙස අගයන් සටහන් කරගෙන තිබෙනවා. ප්‍රමාණවත් දත්ත නොමැති වීම හේතුවෙන් භූතානය සහ මාලදිවයින මෙම ඇගයීමට ඇතුළත් කර නැහැ.

ශ්‍රී ලාංකිකයන්ගේ පෝෂණයේ පැහැදිලි වෙනසක්

පසුගිය දශක දෙකක කාලය දෙස ආපසු හැරී බැලීමේදී ශ්‍රී ලංකාවේ කුසගින්න පිළිබඳ දර්ශකය සැලකිය යුතු ලෙස පහත වැටී තිබීම විශේෂත්වයකි. 2000 වසරේදී 22.1ක් ලෙස ඉහළ අගයක පැවැති ශ්‍රී ලංකාවේ දර්ශක අගය, 2026 වසර වන විට 10.2ක් දක්වා අඩුවීමෙන් පෙනී යන්නේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට දැරූ උත්සාහයන් සාර්ථක වී ඇති බවයි.

කුසගින්න මැනීමේ ප්‍රධාන දර්ශක සහ ගෝලීය අභියෝග

your image

ගෝලීය කුසගින්න පිළිබඳ දර්ශකය සකස් කිරීමේදී ප්‍රධාන වශයෙන් කරුණු 4ක් කෙරෙහි අවධානය යොමු කෙරේ. එනම් මන්දපෝෂණය, ළමා වර්ධන අඩාලතාව, උසට සාපේක්ෂව අඩු ළමා බර සහ ළමා මරණ අනුපාතිකයයි. ශ්‍රී ලංකාව සාර්ථකත්වයක් ලබා තිබුණද, දශක දෙකකට ආසන්න කාලයක් පැවැති ප්‍රගතියෙන් පසු ගෝලීය වශයෙන් කුසගින්න යළි ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින බවට ද මෙම වාර්තාව අනතුරු අඟවයි. 

ලොව පුරා පවතින යුද ගැටුම්, දේශගුණික විපර්යාස සහ ආර්ථික අර්බුද ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන අතර, සෞඛ්‍ය සම්පන්න හෙට දිනක් වෙනුවෙන් අපගේ ආහාර රටාවන් සහ සම්පත් ආරක්ෂා කරගැනීමේ වැදගත්කම මෙමගින් මතක් කර දෙයි.

සටහන - නයනාංජලී හේවගේ  

0%
100%
0%
0%
Comments