ads
Feature

උඩු ගුවනේදී මෙලොව එළිය දුටු  ලාංකීය දරුවා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
කුවේට් හි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අල් ජසීරා ගුවන් සේවයේ ජේ.එන්.- 551 දරන ගුවන් යානය තුළදී ශ්‍රී ලංකික කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.

ගර්භණී සමයේ පසුවන කාන්තාවන් ගුවන් ගමන් සඳහා සහභාගී කර නොගන්නා නීතිරීති පවතින බැවින්, ඇය සිය ගර්භණී භාවය ගුවන් සේවා නිලධාරීවරුන්ගෙන් සඟවා ඇති බව සඳහන් වෙනවා. කෙසේවෙතත් ගුවන් ගමන අතරතුරදී ඇති වූ හදිසි අපහසුතා හමුවේ ගුවන් සේවිකාවන්ගේ කඩිනම් සහාය සහ උපකාර මත ඇය ගුවන් යානය තුළදීම නිරෝගී දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා. 

ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වීමෙන් පසු, වෛද්‍ය සහ ගුවන් තොටුපොළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මව සහ අලුත උපන් බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

0%
0%
0%
0%
Comments