ලොව ප්රසිද්ධතම සහ දැවැන්තම විලාසිතා සන්නාමයක් වන Victoria’s Secret Fashion Show වේදිකාවේ අභිමානවත් ලෙස ගමන් කරමින් ශ්රී ලංකා නාමය ජාත්යන්තරයට ගෙන යාමට ප්රකට විලාසිතා නිරූපිකා එලිනා ගුණවර්ධන සමත් වූවා. පසුගිය 18 වනදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු මෙම විලාසිතා දැක්මේදී නිරූපණ කටයුතුවල නිරත වූ ප්රථම ශ්රී ලාංකික නිරූපිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වන්නේ ශ්රී ලාංකේය විලාසිතා ක්ෂේත්රයට නව පරිච්ඡේදයක් එක් කරමිනි.
ජාත්යන්තරයේ 'Elina G' යන වෘත්තීය නාමයෙන් මහත් ජනප්රියතාවක් දිනා සිටින ඇය, ලොව සුප්රකට සුපිරි නිරූපිකාවන් රැසක් සමඟ කරට කර සිටිමින් මෙම විලාසිතා දැක්ම වර්ණවත් කිරීමට දායක වූවා.
ශ්රී ලාංකීය නාමය ජාත්යන්තරයට ගෙන ගිය එලිනා ගුණවර්ධනගේ මෙම සුවිශේෂී ජයග්රහණය, දේශීය විලාසිතා ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක ඇරඹුමක් සනිටුහන් කරනවා.