ads
Lifestyle

කාර්යබහුල දවසකත් සතුටින් සහ ප්‍රබෝධයෙන් ඉන්නෙ මෙහෙමයි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ජීවිතේ සතුටින් ගත කරන්න අපිට වැදගත් වෙන්නෙ හිතේ නිදහසයි. හිතේ නිදහසෙන් ඉන්න නම් අපේ අවශ්‍යතා නිසියාකාරව සපිරෙන්නට උවමනා වන අතර, අන්න ඒ අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් අපිට මුදල් අවශ්‍ය වෙනවා. මුදල් අවශ්‍යතාවය නිසා රැකියාවක් කරන අපි, සමහර විට ඒ සඳහා අධික ලෙස ඇබ්බැහි වීමටත් ඉඩ තිබෙනවා.

බොහෝ දෙනෙක් එය හොඳ දෙයක් නෙමෙයි කිව්වත්, එය බොහෝ දෙනෙකුට මගහරින්ට බැරි පුරුද්දක් වී තිබෙනවා. ඒ නිසාම අපි මේ මුදල් වෙනුවෙන් එකදිගට වැඩ කරන ඔයාලට, සිරුරට වගේම මනසට කෙටි විවේකයක් ලබාදෙන්න හැකි ක්‍රම කිහිපයක් ගැනයි මේ සූදානම් වන්නේ.

එක දිගට වැඩ කරපු අපේ මනසට සහනයක් දෙන්න වගේම, සාමාන්‍යයෙන් වැඩ කරන ඉරියව්වට වඩා තරමක් සුවපහසු ඉරියව්වකට හරිබරි ගැහෙන්නට කෙටි වීඩියෝවක් බැලීම උදවුවක් වෙනවා. නමුත් මේ දේ සීමා සහිතව කරන්නත් අපි වගබලා ගන්න උවමනායි. 

ඒ නිසා පැයක් වැඩ කරලා විනාඩි තිහක් වීඩියෝ බලනවා වෙනුවට, පැය දෙකකට වතාවක් වීඩියෝ එකක් බලන එක ඔයාට තරමක සැහැල්ලුවක් වේවි. ඒ වගේම මේ විදිහට වීඩියෝ බැලීමේ පාලනයක් ඇති කරගන්න, යූටියුබ් සර්ච් කරනවා වෙනුවට ඔයා කැමති ටීවී සීරීස් එකක කොටසක් බලන්න හුරු වීම ඒ පාලනය ඇති කරාවි. ඒ වගේම දිගු වීඩියෝ වෙනුවට කෙටි වීඩියෝවක් නැරඹීමත් මනසට ඒ සීමාව තේරුම් කරවන්න උදවුවක් වේවි.

අපි මුලින් කියපු පැය දෙකකට වතාවක්වත් වීඩියෝවක් නැරඹීම මනසට සහනයක් වුණත්, වෙහෙස වුණු ඇස් දෙකට නම් තවත් ඩිජිටල් තිරයක් දිහා බලා සිටීම එතරම් සහනයක් ගෙන දෙන්නේ නැහැ. අන්න ඒ නිසාම පැය බාගයකට වතාවක්වත් වැඩ කරන පුටුවෙන් නැගිටලා අවට පරිසරය බලන්නත්, කාර්යාල මිත්‍රයෙක් හරි මුණගැහිලා පොඩි කතාවක් දාලා එන්නත් පුළුවන් නම් එය ඇඟට වගේම හිතටත් ගොඩක් හොඳයි. 

ඒ ගමන්ම ටිකක් ස්ට්‍රෙච් වෙලා ඇදිලා කරලා හිර වුණු අතපය නිදහස් කරගැනීමත් ගොඩක් වැදගත්. ජපානයේ නම් වැඩ කරන අතරේ කෙටි නින්දක් ගැනීම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගෙ හුරුපුරුදු පුරුද්දක්ලු. හැබැයි අපේ රටේ ඔෆිස්වල නම් මේ දේවල් හැම තැනම කරන්න අමාරුයි. හැබැයි ගෙදර ඉඳන් වැඩ කරන ඔයාට මහන්සියට කෙටි නින්දක් ගන්න එක විඩාබර ඇස්වලට ලොකු උදවුවක් වේවි. 

සිට්‍රස් ගණයට වැටෙන පළතුරු කියන්නෙත් ස්ට්‍රෙස් නැති කරන්න වගේම මනසට හොඳ විවේකයක් ලබාදෙන්න කියාපු පළතුරක්. ඒ නිසා දොඩම් ගෙඩියක් ආහාරයට ගැනීම විටමින් C නිසා මනසට අවශ්‍ය නිදහස ලබාදෙන වැඩක් වෙනවා. ඉතිං මේ විදිහට කෙටි පළතුරක් ළඟ තබා ගැනීම සෞඛ්‍යටත් සුවදායී, මනසටත් වැඩදායී, රැකියාවටත් ඵලදායී විකල්පයක් වේවි කියලා අපිට අනිවාර්යයෙන්ම හිතන්න පුළුවන්.

0%
0%
0%
0%
Comments