ads
Feature

සුසන්තිකාගේ වසර 24ක් පැරණි වාර්තාවක් බිඳ හෙලූ චීන ක්‍රීඩිකාව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 ධාවන ඉසව්ව නියෝජනය කරමින් චීන ක්‍රීඩිකා චෙන් යූජී (Chen Yujie) විසින් ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඇය මෙම දක්ෂතාව දැක්වුයේ අදාළ ඉසව්ව තත්පර 11.06ක කාලයකින් අවසන් කරමිනි.

මෙම වාර්තාව මීට වසර 24කට පෙර, එනම් 2002 වසරේ දකුණු කොරියාවේ බූසාන් හි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී අපේ රටේ ආඩම්බරය වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් තත්පර 11.15ක කාලයකින් යුතුව පිහිටුවනු ලැබූවක්. එදා පටන් මෙරට මෙන්ම ආසියානු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ද බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ මෙම වාර්තාව එලෙස නොබිඳී පැවතීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, ක්‍රීඩා ලෝකයේ නව පෙරළියක් ඇති කරමින් චෙන් යූජී විසින් මෙම වාර්තාව අලුත් කිරීම මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍යයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. දශක දෙකකට අධික කාලයක් නොසැලී තිබූ මෙම වාර්තාව බිඳවැටීම ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ තවත් සැමරුම්ගත අවස්ථාවක් ලෙසයි ක්‍රීඩා විචාරකයින් හඳුන්වා දෙන්නේ.

0%
100%
0%
0%
Comments