ads
Lifestyle

ඔබේ දෑත් දෙපා ලස්සනට තබා ගන්න

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අලංකාරවත් සහ නිරෝගී පෙනුමක් පවත්වා ගැනීම සඳහා මුහුණට මෙන්ම දෑත් හා දෙපා වල සමටත් නිසි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම වියදම් අධික ආලේපන වෙත යොමු නොවී, නිවෙසේදීම පහසුවෙන් කරගත හැකි සත්කාර මඟින් ඔබේ දෑත් වල මෘදු බව සහ ඔපවත් බව දිගු කාලයක් රඳවා තබා ගැනීමට හැකියාව තිබෙනවා.

දෑත්, දෙපා වල මෘදු බව ආරක්ෂා කර ගැනීම සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් පහසු ක්‍රම කිහිපයක් අත්හදා බැලිය හැකියි. කෝමාරිකා මදය අත් දෙකේ ආලේප කර විනාඩි 10ක් පමණ තබා සීතල ජලයෙන් සෝදා හැරීමෙන් සමට අලුත් ප්‍රාණවත් බවක් ලැබේ. 

රාත්‍රියේ නින්දට යාමට පෙර සහ ස්නානය කිරීමට පෙර ඔලිව් තෙල් දෑත්වල ගල්වා විනාඩි 15ක් පමණ මසාජ් කිරීම මඟින් සමට අවශ්‍ය තෙතමනය ලැබී වියළි බව දුරු වී යයි. 

මීට අමතරව, නියපොතු පිරිසිදු කර දෙහි මද උණුසුම් ජලයට එක්කර සෝදා හැරීන්න. පසුව නියපොතුවල වැස්ලින් ආලේප කිරීමෙන් නියපොතුවල නිරෝගීකම වැඩි දියුණු කරගත හැකියි.

ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සෑදූ ස්ක්‍රබ් වර්ග


සතියකට වතාවක්වත් දෑත්, දෙපා ස්ක්‍රබ් කිරීම මඟින් මැරුණු සම ඉවත් කර සිනිඳු බව දිගටම පවත්වා ගැනීමට පුළුවන්. සීනි මේස හැඳි 4කට මී පැණි මේස හැන්දක් සහ ඔලිව් තෙල් මේස හැන්දක් මිශ්‍ර කර වැලමිටේ සිට ඇඟිලි තුඩු දක්වා මෘදුව වෘත්තාකාරව පිරිමදිමින් ස්ක්‍රබ් කර සිසිල් ජලයෙන් සෝදාගත හැකියි. 

එමෙන්ම සීනි, ලුණු, මී පැණි, දෙහි යුෂ සහ පොල් තෙල් එකතු කර සාදාගන්නා මිශ්‍රණයකින් හෝ කෝපි කුඩු සහ පොල් තෙල් මිශ්‍රණයකින් දෑත් ස්ක්‍රබ් කරගැනීමෙන් සමේ පැහැපත් බව වැඩි වේ. සහල් පිටි, රෝස වතුර සහ කිරි එකතු කර සාදාගන්නා ආලේපනයක් විනාඩි 20ක් දෑත්වල තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හැරීම ද තවත් කදිම ක්‍රමයකි.

මෙම සත්කාරවලට අමතරව එදිනෙදා වැඩකටයුතු සිදු කරන විටත් අතේ සම ආරක්ෂා කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. විශේෂයෙන්ම ඉවුම් පිහුම් කටයුතුවලදී සහ ගෙවත්තේ වැඩ කටයුතු සිදු කිරීමේදී අත් මේස් යුගලක් භාවිතා කිරීම මඟින් සමට සිදුවන හානි වළක්වා ගත හැකියි. මේ අයුරින් සරල පුරුදු අනුගමනය කිරීමෙන් විශාල මුදලක් වියදම් නොකරම ඔබටත් ඉතා සුන්දර හා මෘදු දෑතක හිමිකාරියක් වීමට පුළුවන්.

0%
0%
0%
0%
Comments