ads
Travel

සංචාරක ක්ෂේත්‍රයේ පෙරළියක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර තිබෙන නවතම දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේ මුල් දින 20 තුළ පමණක් විදෙස් සංචාරකයින් 107,093 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන්

මෙම කාල සීමාව තුළ ශ්‍රී ලංකාව වෙත වැඩිම සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා. ඒ අනුව, ඉන්දියානු සංචාරකයින් 32,536 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, එය සැප්තැම්බර් මාසයේ මේ දක්වා වාර්තා වූ සමස්ත සංචාරක පැමිණීම්වලින් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් ලෙසයි සටහන් වන්නේ. 

ඉන්දියාවට අමතරව තවත් ප්‍රධාන රටවල් කිහිපයකින්ම ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය කැපී පෙනෙන මට්ටමක පවතිනවා. මීට අමතරව, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 7,906ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 7,393ක් මෙම දින 20 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. 

සමස්ත සංචාරක පැමිණීම මිලියන 1.6 ඉක්මවයි

your image

මේ අතර, 2026 ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,642,215ක් ලෙස දැවැන්ත වර්ධනයක් වාර්තා වී තිබෙනවා. මෙම සමස්ත සංචාරක පැමිණීම් අතරින් ඉන්දියාවෙන් සංචාරකයින් 418,019 දෙනෙකු සහ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 157,895 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

0%
0%
0%
0%
Comments