වාර්තා වන ආකාරයට, අදාළ ස්වයංක්‍රීය නියෝජිතයන් ChatGPT පරිශීලකයන්ගේ ඡායාරූප 53ක් නීතිවිරෝධී ලෙස ලබාගෙන ඇති බව සඳහන් වෙනවා. ඊට අමතරව ඇමරිකානු එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවිවලටද ඒවා පිවිස ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.
එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ ජනලේඛන කාර්යාංශය වැනි වැදගත් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවලින් මෙම ස්වයංක්‍රීය නියෝජිතයන් රහසිගත දත්ත ලබාගෙන තිබෙනවා. මීට අමතරව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දත්ත පද්ධතියකට ඇතුළු වීම සහ ජර්මානු වෙබ් අඩවියක් යොදාගනිමින් ආරක්ෂක පාලන සීමා මඟහැරීමට උත්සාහ කිරීම ඇතුළු සිදුවීම් 15කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී තිබෙනවා.
මෙම නවීන තාක්ෂණය අනපේක්ෂිත ලෙස පාලනයෙන් මිදීම සම්බන්ධයෙන් විශේෂඥයන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙවැනි අනපේක්ෂිත හැසිරීම් අනාගතයේදී සාර්ථකව පාලනය කිරීම සඳහා අවශ්‍ය දැඩි ආරක්ෂක පියවරයන් මේ වන විට ප්‍රමුඛතාව මත ක්‍රියාත්මක කරන බවයි OpenAI සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.