ads
Entertainment

ඉන්දීය සිනමාව මවිත කළ 'RAAKA' තිරගත වීමටත් පෙරම ගිනස් වාර්තා අතරට

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ඇලු අර්ජුන් (Allu Arjun) සහ ඇට්ලී (Atlee) සුසංයෝගයෙන් හැඩවන දැවැන්ත ඉන්දීය සිනමා නිර්මාණය වන ‘RAAKA’ චිත්‍රපටය තිරගත වීමටත් මත්තෙන් ගිනස් වාර්තා අතරට එක්වීමට සමත්ව තිබෙනවා. මෙය ඉන්දීය සිනමා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළන සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසයි සිනමා විචාරකයින් පෙන්වා දෙන්නේ.

මෙම අපූරු ජයග්‍රහණයට හේතු වී ඇත්තේ එකවර පර්ෆෝමර්වරුන් 37 දෙනෙකුගේ Motion-Capture තාක්ෂණය සජීවීව පටිගත කිරීමට මේ කණ්ඩායම සමත් වීමයි. මෙමගින් ඉන්දීය සිනමාවට අලුත් තාක්ෂණික පෙරළියක් එකතු කර ඇති අතර, එය ලෝක සිනමා ක්ෂේත්‍රයේද දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

විශිෂ්ට රංගන ප්‍රතිභාවකින් හෙබි Allu Arjun සහ අති දක්ෂ අධ්‍යක්ෂ Atlee එකතු වන මෙම නිර්මාණය ප්‍රේක්ෂකයින්ට අත්විඳීමට හැකි වන්නේ තවත් කලකින් වුවද, මේ වන විටත් නිර්මාණය වී ඇති මෙම තාක්ෂණික පෙරළිය නිසා චිත්‍රපටය පිළිබඳ බලාපොරොත්තු ඉහළ ගොස් තිබෙනවා. සිනමා ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් ගෙන ඒමට ‘RAAKA’ සූදානම් වන්නේ මේ ආකාරයෙනි.

0%
0%
0%
0%
Comments