ads
Feature

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ සංඛ්‍යාව පළමු වරට ලක්ෂය ඉක්මවයි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ජපානයේ ආයු කාලය සහ සුන්දර ජීවන රටාව පිළිබඳව කතා කරන විට, මේ වන විට එරටින් අපූරු සුවිශේෂී වාර්තාවක් වාර්තා වී තිබෙනවා. ඒ, ජපානයේ වයස අවුරුදු 100 හෝ ඉක්මවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව පළමු වරට ලක්ෂයේ සීමාව ඉක්මවා යමින් නව ඉතිහාසයක් සටහන් කර ගැනීමයි.

ජපාන සෞඛ්‍ය, ශ්‍රම සහ සුභසාධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව, වයස අවුරුදු 100 ඉක්මවූ සංඛ්‍යාව 107,677ක් ලෙස දැක්වෙනවා. 

පසුගිය වසරට සාපේක්ෂව මෙය 7,914ක ඉහළ යාමක් වන අතර, මෙම සංඛ්‍යාව අඛණ්ඩව වසර 56ක් පුරා අලුත් වීම විශේෂත්වයක්. මෙම දීර්ඝායුෂ ලැබූ පිරිස අතරින් බහුතරයක්, එනම් 87.6%ක් (කාන්තාවන් 94,298ක්) වන කාන්තාවන් වීමද විශේෂත්වයකි.

මෙම අපූරු සන්ධිස්ථානය පිටුපස ඇත්තේ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, ක්‍රියාශීලී දෛනික ජීවිතය සහ මනා මානසික සුවයයි. කෙසේ වෙතත්, මෙම ජනගහන වෙනස්වීමත් සමඟ එරට සමාජ ආරක්ෂණ පද්ධතියට සහ ශ්‍රම බලකායට යම් අභියෝග එල්ල වී තිබුණද, බොහෝ ජපන් ජාතිකයින් වැඩිමහල් වියේද සක්‍රීයව ජීවත්වීම මුළු ලෝකයටම මහත් ආදර්ශයකි.

0%
0%
0%
0%
Comments