ads
Feature

‘Colombo–Malé’ සිතුවම් ප්‍රදර්ශනය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ මාලදිවයිනේ ජාතික කලාගාරයේ (National Art Gallery) දායකත්වයෙන් මාලදිවයිනේ ප්‍රකට චිත්‍ර ශිල්පී හුසේන් අලි මනික් මහතාගේ සංවිධානයෙන් ක්‍රියාත්මක වන 'කොළඹ–මාලේ' (Colombo–Malé) සමකාලීන සිතුවම් ප්‍රදර්ශනය මේ දිනවල කලා ලෝකයේ දැඩි කතාබහට ලක්ව තිබේ. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ කලාත්මක සබැඳියාව තවදුරටත් ශක්තිමත් කරමින්, මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 10 වන දින සිට 17 වන දින දක්වා මාලදිවයිනේ ජාතික කලාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

මෙම සුවිශේෂී කලා මංගල්‍යය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂ චිත්‍ර ශිල්පීන් වන සරත් ගුණසිරි පෙරේරා, ටී.පී.ජී. අමරජීව, කේ.ඩී. ලක්ෂ්මන් සහ චමින්ද ගමගේ යන මහත්වරුන්ගේ නිර්මාණ එකතු වී ඇත.

මාලදිවයින නියෝජනය කරමින් අෆ්සාල් ෂෆියු, අහමඩ් අනිල්, අහමීඩ් අස්මී සහ හුසේන් අලි මනික් යන කලාකරුවෝ තම නිර්මාණ දායකත්වය ලබා දී සිටිති. විවිධ කලාත්මක ප්‍රවේශයන්, අපූර්ව තේමාවන් සහ සුවිශේෂී දෘශ්‍ය භාෂාවන්ගෙන් සමන්විත මෙම සිතුවම් ප්‍රදර්ශනය කලා ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් ගෙන එයි.

මෙම ප්‍රදර්ශනයේ ඇති සාර්ථකත්වය සහ කලාත්මක අගය සලකා බලා, මාලදිවයිනේ පොහොසත් කලා භාවිතයන් ශ්‍රී ලංකීය ප්‍රේක්ෂකයන්ටද සමීප කරවීමේ අරමුණින් ඉදිරියේදී මෙම 'කොළඹ–මාලේ' ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවටද රැගෙන ඒමට මහ කොමසාරිස් කාර්යාලය අපේක්ෂා කරයි.

0%
0%
0%
0%
Comments