ads
Feature

මාර්ග අනතුරුවලින් සියයට 30ක් සුනඛයින් හේතුවෙන් සිදුවන බව ඔබ දන්නවාද ?

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරුවලින් සියයට 30ක් පමණ සුනඛයින් හේතුවෙන් සිදුවන බවත්, සුනඛයන් සපා කෑම නිසා ජලභීතිකා එන්නත් ලබාදීම සඳහා පමණක් වසරකට රුපියල් බිලියනයක විශාල මුදලක් වැයවන බවත් මානසික ක්‍රම මගින් සත්ව ගහන කළමනාකරණය කිරීම් සඳහා වූ පශුවෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ මිනිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාදාමයන් සහ සමාජ වගකීම පිළිබඳ නොදැනුවත්කම නිසා මෙම වීදි සතුන් බිහිවී ඇති බවයි.

මෙම ගැටලුව රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. මෙම ගැටලුව සඳහා යෝජිත නව පනත මගින් ස්ථිර විසඳුමක් ලැබෙන බව පෙන්වා දුන් වෛද්‍යවරයා, අයිතිකරුවෙකු සිටින සෑම සුනඛයෙකුම අදාළ ප්‍රාදේශීය සභාව තුළ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බව සඳහන් කළා.

එමෙන්ම අයිතිකරුවෙකු හෝ බලාගැනීමට කෙනෙකු නොමැතිව වීදිවල වෙසෙන සුනඛයන්ගේ සම්පූර්ණ වගකීම ප්‍රාදේශීය සභාව මගින් භාරගත යුතු බවට මෙම පනත යෝජනා කර තිබෙනවා.

ඒ යටතේ අදාළ සතුන්ගේ එන්නත්කරණය සහ වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් රජය වගකීම දරන බැවින්, පාරේ සිටින කිසිදු සුනඛයෙකු අනාථ තත්ත්වයට පත් නොවන බවත් මෙය ඉතා යහපත් සංකල්පයක් බවත් වෛද්‍ය චමිත් නානායක්කාර මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
0%
0%
0%
0%
Comments