ඉන්දීය ඩිජිටල් මූල්‍ය වෙළඳපොළ සහ ඒකීය ගෙවීම් අතුරු මුහුණත එනම් UPI ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින්, ලොව පුරා ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදුමක් වන WhatsApp ආයතනය සිය වේදිකාව තුළ සෘජුවම බිල්පත් ගෙවීමේ නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා.
මෙම නව විශේෂාංගය මගින් පරිශීලකයන්ට වෙනත් බාහිර යෙදුම් වෙත යෑමෙන් තොරව, තමන් දිනපතා භාවිත කරන WhatsApp යෙදුම තුළම සිට දෛනික උපයෝගීතා සහ ගෘහස්ථ බිල්පත් ඉතා පහසුවෙන් පියවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
මෙම අඛණ්ඩ සහ ආරක්ෂිත සේවාව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඩිජිටල් ගෙවීම් ජාලයක් වන Bharat Connect සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක් වනවා.
ඒ හරහා විදුලිය, ජලය, ගෑස්, වාහන සඳහා වන FASTag, රක්ෂණ ගෙවීම්, ක්‍රෙඩිට් කාඩ්පත් බිල්පත් සහ විවිධ ණය වාරික ගෙවීම් ඇතුළු පුළුල් කාණ්ඩ 30ක් යටතේ ඇති බිල්පත් සපයන්නන් 22,700කට අධික සංඛ්‍යාවක සේවාවන් බාධාවකින් තොරව WhatsApp හරහා ලබා ගැනීමට එරට පරිශීලකයන්ට මේ වන විට අවස්ථාව සැලසී තිබෙනවා.