ads
Entertainment

2026 වසරේ සුරූපීම කාන්තාවන් අතර ප්‍රථම ස්ථානය තායිලන්ත නිළි Lingling Kwong

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලොව පුරා මිලියන සංඛ්‍යාත රසික ජනතාවකගේ මනාපය දිනාගනිමින්, 2026 වසරේ ලෝකයේ සුරූපීම කාන්තාව ලෙස තායිලන්තයේ ජනප්‍රිය නිළි Lingling Kwong තෝරාගෙන තිබෙනවා. 'Netizens Choice' සඟරාව විසින් මාස කිහිපයක් පුරා අන්තර්ජාලය හරහා පවත්වන ලද මෙම දැවැන්ත ජනමත සමීක්ෂණයේදී ඇය මනාප මිලියන 22කට අධික ප්‍රමාණයක් ලබාගනිමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය හිමිකර ගත්තා.

මෙම තරගයේදී වයස 31ක් වන Lingling, ලෝකයේ සුරූපීම කාන්තාව ලෙස කිරුළු පැළඳීමට අමතරව, ඡන්ද මිලියන 10කට වඩා ලබාගනිමින් "2026 වසරේ තායිලන්තයේ සුරූපීම නිළිය" ලෙසද නම් කර තිබෙනවා. ඒ අනුව එක් වසරක් තුළ මෙලෙස කිරුළු ද්විත්වයක් එකවර දිනාගැනීමට ඇය සමත්ව ඇත්තේ සුවිශේෂී වාර්තාවක් තබමින්.

පසුගිය වසරේ (2025) මෙම කිරුළ දිනාගත් තුර්කි ජාතික නිළි Sıla Turkoglu මෙවර දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. මීට අමතරව, අතිශය ජනප්‍රිය 'The Secret of Us' කතාමාලාවේ Lingling සමඟින් රඟපෑ ඇයගේ සම-නළළඟ නිළිය (Co-star) වන Orm Kornnaphat මෙහි 4 වන ස්ථානයට පත්ව ඇති අතර, ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් නිළි Scarlett Johansson මෙහි 9 වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

0%
0%
0%
0%
Comments